Twitter සඳහා විකල්පයක් ලෙස Meta සමාගම හඳුන්වා දුන් Threads App එක ජූලි 06 වනදා එළිදක්වන බවට තොරතුරු වාර්තා වෙයි

වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Meta සමාගම විසින් එළඹෙන සතිවලදී මේ නව App එක එළිදැක්විමට සුදානමින් සිටින බව දක්වන්න පුලුවන්.

Twitter සඳහා විකල්පයක් ලෙස Meta සමාගම හඳුන්වා දුන් Threads App එක ජූලි 06 වනදා එළිදක්වන බවට තොරතුරු වාර්තා වෙයි

Meta සමාගම විසින් Twitter සමාජ මාධ්‍ය සඳහා විකල්පයක් ලෙස Threads නමින් නව App එකක් හඳුන්වා දීමට සුදානමින් සිටින බවට අප මීට පෙර තොරතුරු ඔබ වෙත ගෙන ආවා. මේ නව Standalone App එක Instagram මත පදනම්ව නිර්මාණය වන අතරම Decentralized Social Media Protocol ActivityPub සමඟ එකාබද්ධව එළිදැක්වෙනු ඇති බවටත් තොරතුරු වාර්තා වුවා.

මේ වන විට වාර්තා වන නවතම තොරතුරුවලට අනුව Meta සමාගම විසින් එළඹෙන සතිවලදී මේ නව App එක එළිදැක්විමට සුදානමින් සිටින බව දක්වන්න පුලුවන්. ඒ අනුව මේ වන විටත් Apple App Store එක ඔස්සේ මේ Threads App එක Pre Order කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

තවමත් ඔවුන් විසින් මේ Threads App එක නිල වශයෙන් එළිදැක්විම නියමිත දිනයක් පිළිබඳව තොරතුරු නිකුත් කර නොමැති වුවත් මෙය ජුලි 06 වන දින එළිදැක්විමට නියමිත බව වාර්තා වන තොරතුරුවලට අනුව දක්වන්න පුලුවන්.

Source: gizmochina.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna