Instagram Reels සඳහා නිර්මාණ සිදු කරන්නන් හට $35,000ක් දක්වා මුදල් පිරිනැමීමට Instagram කටයුතු කර​යි

Instagram Reels සඳහා නිර්මාණ සිදු කරන්නන් හට $35,000ක් දක්වා මුදල් පිරිනැමීමට Instagram කටයුතු කර​යි

TechCrunch සහ Business Insider වාර්තා කර ඇති පරිදි Instagram විසින් එහි TikTok තරඟකරු වන Instagram Reels විශේෂාංගයෙහි වීඩියෝ පළ කිරීම සඳහා ඒවා සාදන අයට (Creators) විශාල මුදලක් පිරිනමයි. Instagram සමාගම විසින් ජූලි මාසයේදී Reels සඳහා ඔවුන්ගේ Bonus Program එක නිවේදනය කළේ Meta හි CEO Mark Zuckerberg විසින් සමාගම 2022 වන විට Creators ලාට ඩොලර් බිලියනයක් ගෙවන බව ප්‍රකාශ කළ විටය.

එහිදී යමෙකුට ඔවුන්ගේ Reels මාසයකදී මිලියන 58.31 ක Views ලබා ගන්නේ නම් $35,000 තරම් මුදලක් පිරිනැමේ. Business Insider වාර්තාවලට අනුව එය Sam සහ Cori Werrell ඔවුන්ගේ Instagram Followers 283,000ක් සඳහා ඔවුන් නිර්මාණය කළ Instagram Reels අනුව වේ.

මේ අතර, Smaller Creators ලාට ද සැලකිය යුතු මුදලක් ලබා දී ඇති බව වාර්තා වේ. Instagram Followers 52,000ක් පමණ සිටින Creator කෙනෙකු වන Maddy Corbin හට ඩොලර් 1,000ක් දක්වා පිරිනැමුණු බව වාර්තා වේ, නමුත් අනෙක් අයට $600 හෝ $800 පිරිනමන බව ඇය දන්නා බව පවසයි. TechCrunch වෙබ් අඩවිය වාර්තා කරන්නේ මෙම ගෙවීම් කාලයත් සමඟ වැඩි වන බවයි. Instagram විසින් Instagram Followers 24,000 ක් සිටින තවත් Creator කෙනෙකුට Views මිලියන 9.28 ක් සඳහා ඩොලර් 8,500 ක්ද මෑතකදී පිරිනමන ලදී. නමුත් ගෙවීම් ප්‍රමාණය Followers සංඛ්‍යාවට අනුව සිදුවන ආකාරය ගැන නීති කිසිවක් නම් ප්‍රකාශයට පත් කර නැත.

YouTube සහ Snapchat විසින් ද Creators ලාට මෙලෙස ගෙවීම් සිදු කරයි. අගෝස්තු මාසයේදී YouTube විසින් ජනප්‍රිය Video සඳහා මසකට ඩොලර් 10,000 දක්වා ගෙවන බව නිවේදනය කළේ ය. මේ අතර, පසුගිය මාසයේ Snapchat විසින් Spotlight Challenges නිවේදනය කරන කරමින්, එහිදී ද Creators ලාට විවිධ ත්‍යාග පිරිනමයි. Snapchat පවසන්නේ එහි ත්‍යාග සාමාන්‍යයෙන් $1,000 සිට $25,000 දක්වා පවතින බවයි.

මෙම Platform වල Bonus Program පිළිබඳ අදහස් දෙයාකාර වේ. Meta සතු Instagram හට අවශ්‍ය, ඔවුන්ගේ ඉපැයීම් එහි Platform Foundation එක වන Creators ලා සමඟ බෙදා ගැනීමටයි. කොහොම වුවත් Instagram, YouTube සහ Snapchat මෙම ජනප්‍රියත්වය හමුවේ TikTok හි සිදු කරන්නේ කුමක් ද යන්න විමසිල්ලෙන් බලා සිටින බව නොරහසකි. ඒ අතර බොහෝ Platforms Short Videos වලට අවධානය යොමු කර ඇති බව ද පෙනේ.

TikTok එහි තරඟකරුවන් විසින් මෙලෙස මුදල් වියදම් කිරීම හමුවේ නොසැලී සිටින බවක් පෙනේ. සැප්තැම්බර් මස අගදී TikTok Monthly Active Users ගණන බිලියන 1 ඉක්මවා ඇති බවද ඔවුන් නිවේදනය කළේය.

Source: The Verge

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna