ළමුන් සඳහා TikTok ආකාරයේ feed එකක් අත්හදා බැලීමට Netflix කටයුතු කරයි

ළමුන් සඳහා TikTok ආකාරයේ feed එකක් අත්හදා බැලීමට Netflix කටයුතු කරයි

මෙම සතියේ, Netflix හි iOS App එක එහි Children’s Content Library එකෙන් ලබා ගත් ලබාගත් කෙටි වීඩියෝ කොටස් පෙන්වීමට තීරණය කර ඇති අතර ළමුන් සඳහා නව Feed එකක් සඳහාද අත්හදා බැලීම් ආරම්භ කර ඇතැයි, වාර්තා වනවා. මෙම විශේෂාංගය වැඩි වශයෙන් ළමුන්ට හිතකාමී Content පෙන්වීමට ගත් උත්සාහයක් ලෙස දැක්විය හැකියි.

මෙය TikTok හා Instagram Reels වලට සමාන Interface එකක් භාවිත කරන නමුත් TikTok හා Instagram Reels වැනි තරඟකාරී සේවාවන් ප්‍රධාන වශයෙන් Portrait ලෙස බැලීමට සඳහා හැඩගස්වා ඇති අතර, Kids Clips හි වීඩියෝ නිර්මාණය කර ඇත්තේ Landscape ලෙස බැලීමටය.

Kids Clips මෙම වසර මුලදී එහි Comedy Contents ප්‍රවර්ධනය කිරීම සඳහා Netflix දියත් කරන ලද "Fast Laughs" නමින් සමාන විශේෂාංගයකට සම්බන්ධ වේ. මෙම Features දෙකටම සමාන අරමුණක් ඇත: පරිශීලකයින් දැනටමත් සමාජ මාධ්‍යවල නරඹන දේට සමාන Short Clips භාවිතයෙන් Netflix හි Content ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි. Bloomberg විසින් Share කරගත් Kids Clips Interface Screenshot එකෙහි, Watch Later List එකකට එක් කිරීම සඳහා Shortcut එකක්ද පෙන්වයි.

Netflix විසින් TikTok පසුගිය ඉපැයීම් වාර්තාවල තම ප්‍රධාන තරඟකරුවෙකු ලෙස උපුටා දක්වා ඇත, මෙම Features වලදී යෝජනා කරන්නේ Short-Form Content කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පරිශිලකයින් Netflix තුළ වැඩිපුර කාලය ගෙවීම සඳහා යොමු කිරීමයි.

කෙසේ වෙතත්, තරඟකාරී සමාජ ජාල පරිශීලකයින්ගේ කාලය පැය ගණනක් නිකරුනේ වැය කිරීම සම්බන්ධයෙන් විවේචනයට ලක්වන අතර, Bloomberg News වාර්තා කරන්නේ Kids Clips හිදී පරිශීලකයින්ට එක වාරයකට නැරඹිය හැකි Clips ප්‍රමාණය Clips 10 සිට 20 දක්වා සීමා කරන බවයි.

Kids Clips මෙම සතියේ දී එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය සහ ස්පාඤ්ඤ භාෂාව කතා කරන ලතින් ඇමරිකාව ඇතුළු ප්‍රදේශ ඉලක්ක කරගෙන දියත් කෙරේ. මෙම විශේෂාංගය Android වෙත පැමිණිය හැකි ද, පැමිණෙන්නේ නම් කවදා ද යන්න පිළිබඳ නිවේදනයක් තවමත් නිකුත් කර නොමැත.

Source: The Verge

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna