ඉන්ධන පිරවුම්හල් වල ඇති ඉන්ධන තොග ප්‍රමාණය දැන ගැනීමට නව මෘදුකාංගය​ක්?

ඉන්ධන පිරවුම්හල් වල ඇති ඉන්ධන තොග ප්‍රමාණය දැන ගැනීමට නව මෘදුකාංගය​ක්?

ඔබට මතක ඇති පසුගිය ජුනි මාසයේදී පමණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය එක්ව ඉන්ධන තොරතුරු කළමනාකරණ පද්ධතිය එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් ලැබුණු උපදෙස් මත මෙහි මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතා දමන බවට සදහන් කරමින් මෙම ඉන්ධන තොරතුරු කළමනාකරණ පද්ධතිය නවතා දමනු ලැබුවා.

ඉන් පසුව රජය විසින් ජාතික ඉන්ධන කාඩ්පත ( National Feul Pass ) හදුන්වා දිමත් පසුව මහජනතාවට අපහසුතාවයකින් තොරව තමත් නියමිත ඉන්ධන ප්‍රමාණය ලබා ගැනිමේ හැකියාව මේ වන විට ලැබි තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් සමහර ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන නියමිත පරිදි නොලැබිම නිසා යම් යම් අපහසුතාවයන් මහජනතාව ඇති වන අතර මෙයත් අවම කිරිමේ අරමුණෙන් මිට පෙර හදුන්වා දී තිබු ඉන්ධන තොරතුරු කළමනාකරණ පද්ධතිය වැනි නව මෘදුකාංගයක් හදුන්වා දිමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ) සුදානමින් සිටිනවා. මෙලෙස හදුන්වා දිමට නියමිත පවතින්නේ මීට පෙර හදුන්වා දුන් ඉන්ධන තොරතුරු කළමනාකරණ පද්ධතියම ද නැතිනම් නව මෘදුකාංගයක් ද යන්න පිළිබඳ ඔවුන් සදහන් කර නොමැති වනවා.

මේ මෘදුකාංගය හරහා දිවයිනේ ඕනැම පිරවුම්හලක ඉන්ධන ලබා ගැනිමේ හැකියාව පිළිබඳව තොරතුරු ලබා ගත හැකි වන අතර එම පිරවුම්හල්වලට ඉන්ධන ලැබිමේ දිනයන් හා වේලාවන් පිළිබඳවත් මෙම මෘදුකාංගය ඔස්සේ තොරතුරු ලබා දිමට නියමිතයි.

Sources: NewsFirst

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna