බලධාරීන් විසි​න් ඉන්ධන තොරතුරු වෙබ් අඩවිය තාවකාලිකව ක්‍රියා විරහිත කර​යි

බලධාරීන් විසි​න් ඉන්ධන තොරතුරු වෙබ් අඩවිය තාවකාලිකව ක්‍රියා විරහිත කර​යි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන පිරවුම්හල්වල ඇති ඉන්ධන තත්වය බලා ගැනීම සඳහා වෙබ් අඩවියක් නිකුත් කළ බව අප ඔබට මීට පෙර වාර්තා කළා.

කෙසේ නමුත් ඔබ දැන් fuel.gov.lk වෙබ් අඩවියට පිවිසෙන විට එහි දැක්වෙනුයේ “අපහසුතාවය ගැන අපි ඉතා කණගාටු වෙමු. අදාළ බලධාරීන්ට ලැබුණු උපදෙස් මත මෙහෙයුම තාවකාලිකව නවතා දැමීමට සිදු විය. අපි ඉක්මනින් ආපසු එන්නෙමු. ” ලෙසයි.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින තත්වය අනුව ඉන්ධන තොග ලැබීම පිළිබඳව නිශ්චිතව මහජනයාට තොරතුරු සැපයීමට ඇති අපහසුව නිසා අදාළ බලධාරීන් විසින් ICTA ආයතනයට මේ වෙබ් අඩවිය නවතා දැමීමට උපදෙස් දුන් බවට අපේක්ෂා කළ හැකි වනවා.

කෙසේ වෙතත් මේ වෙබ් අඩවිය තාවකාලිකව නවතා ඇති බැවින් මේ ඇතිවී තිබෙන තත්වය යම්තාක් දුරකට හෝ සමනය වුවහොත් මහජනයාට ලැබෙන ඉන්ධන තොග පිළිබඳව තොරතුරු ලබා දිය හැකි වන පරිදි මේ වෙබ් අඩවිය නුදුරු දිනකදී නැවත සක්‍රීය වනු ඇති බවට බලාපොරොත්තු විය හැකි වනවා.

කෙසේ නමුත් හෙළකුරු විසින් ලබා දුන් ඉන්ධන නම් විශේෂාංගය තවමත් ක්‍රියාත්මක බැවින් ඔබට ඒ හරහා තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

Source: Adaderana Biz Sinhala

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna