Apple Watch එකෙන් iPhone එක unlock කරන්නේ කෙසේද?

මෙම පහසුකම අත්විදීමට නම් ඔබට Apple Watch Series 3 හෝ ඉන්පසු නිකුත් වුණු Apple Watch එකක් තියෙන්න ඕන.

Apple Watch එකෙන් iPhone එක unlock කරන්නේ කෙසේද?

මේ හරහා ඔබ facemask එකක් පැළද සිටින විට ඔබේ Apple Watch එක හරහා iPhone එක unlock කරගැනීමට හැකියාව ලැබෙනවා. මෙම පහසුකම එක්වීමට ප්‍රධාන හේතුව iPhone හි Security Method එක වන face ID එක face mask එකක් පැළද සිටින විට භාවිතයට ගැනීමට නොහැකි නිසාවෙනි. මෙම පහසුකම අත්විදීමට නම් ඔබට Apple Watch Series 3 හෝ ඉන්පසු නිකුත් වුණු Apple Watch එකක් තියෙන්න ඕන සහ ඔබේ iPhone එක iOS 14.5 හා watchOS 7.4 සංස්කරණයන් හෝ ඉන් ඉහළ සංස්කරණයකට යාවත්කාලීන කර තිබිය යුතුය. දැන් බලමු කොහොමද මෙම විශේෂාංගය ON කරගන්නෙ කියල. මේක වෙනුවෙන් කරන්න ඕන බොහොම පොඩි දෙයක්.

මුලින්ම ඔයා ඔයාගෙ iPhone එකේ face ID පහසුකම ON කරල Apple Watch එකට Passcode එකක් යොදල තියෙන්න ඕන වගේම Wrist Detection නුත් ON කරල තියෙන්න ඕන.

දැන් ඔයා ඔයාගෙ iPhone එකේ settings ඇතුළට ගිහින් Face ID & Passcode වලට ගිහින් ඔයාගෙ iPhone එකේ Passcode එක දෙන්න. ඉන් පස්සෙ ඔයා ඒකෙ පහළට scroll down කරගෙන යද්දි Unlock With Apple Watch කියල feature එක යටතේ ඔයාගෙ Apple Watch එක පෙන්නුම් කරනවා. ඒක Turn ON කරන්න. දැන් ඔක්කොම හරි.

දැන් ඔයා face mask එක දාගෙන ඉන්න වෙලාවට iPhone එක raise up කරහම  iPhone එක wake up වෙලා face ID එකෙන් scan කරද්දි ඔයා mask එකක් දාගෙන ඉන්න බව හදුන ගෙන ඔයාගෙ Apple Watch එකට notification එකක් එනව ඔයාගෙ iPhone එක Apple Watch එකෙන් unlock කරා කියල. ඒ වගේම ඔයාට ආයෙම Lock කරන්න අවශ්‍ය නම් එයටත් Option එකක් එම notification එක තුළම පෙන්වයි.

මෙම පහසුකම Screen එක Unlock කරගැනීමට හැරෙන්නට Face ID එක යෙදෙන අන් කිසිදු App එකක් තුළ මෙම ක්‍රමය හරහා unlock කරගැනීමට නොහැක.

ඔන්න එහෙනම් දැන් ඔයාට face mask එක පැළදගෙන ඉන්න වෙලාවටත් බොහොම පහසුවෙන් ඔයාගෙ iPhone එක unlock කරගන්න පුලුවන්.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara