කෘතිම බුද්ධිය (AI) සහ රැකියා සඳහා එහි බලපෑම

කෘතිම බුද්ධිය (AI) රැකියා කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලබනවා. AI තාක්‍ෂණයන් අඛණ්ඩව දියුණු වන විට රැකියා නැති කිරිමටත්, නව රැකියා ඇති කිරිමටත් AI තාක්‍ෂණයට බලපෑම් කළ හැකි වෙනවා.

කෘතිම බුද්ධිය (AI) සහ රැකියා සඳහා එහි බලපෑම

කෘතිම බුද්ධිය (AI) යනු සාමාන්‍යයෙන් මානව බුද්ධිය අවශ්‍ය වන කාර්යයන් ඉටු කළ හැකි බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරීම අරමුණු කරගත් පරිගණක ඇල්ගොරිදමයක් ලෙස හදුන්වන්න පුලුවන්. AI පදනම් වී ඇත්තේ මිනිසාගේ චින්තන ක්‍රියාවලීන් සහ තීරණ ගැනීම අනුකරණය කිරීමට යන්ත්‍ර නිර්මාණය කළ හැකිය යන අදහස මතයි. සාමාන්‍යයෙන්, AI පද්ධති ක්‍රියා කරන්නේ පුහුණු කරන ලද දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කිරීම මගිනුයි.

සමස්තයක් ලෙස ගත් කල, AI යනු අපගේ ජීවිතයේ බොහෝ පැතිවල විප්ලවීය වෙනසක් කිරීමට හැකියාව ඇති ශීඝ්‍රයෙන් දියුණු වන ක්ෂේත්‍රයක් ලෙස සරලව හදුන්වා දෙන්න පුලුවන්.

කෘත්‍රිම බුද්ධියේ (AI) රැකියාවලට ඇති බලපෑම?

කෘතිම බුද්ධිය (AI) රැකියා කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලබනවා. AI තාක්‍ෂණයන් අඛණ්ඩව දියුණු වන විට රැකියා නැති කිරිමටත්, නව රැකියා ඇති කිරිමටත් AI තාක්‍ෂණයට බලපෑම් කළ හැකි වෙනවා.

AI රැකියාවලට බලපෑම් කරන ප්‍රදාන ක්‍රමයක් වන්නේ ස්වයංක්‍රීයකරණයයි. AI මගින් බොහෝ කාර්යයන් ස්වයංක්‍රීය කළ හැකි අතර එමඟින් ඇතැම් කර්මාන්තවල මිනිස් සේවකයින්ගේ අවශ්‍යතාවය අඩු කළ හැකි වෙනවා.

උදාහරණයක් ලෙස නිෂ්පාදන අංශය සහ අනෙකුත් ස්වයංක්‍රීය යන්ත්‍ර සදහා රොබෝවරුන් යෙදීමෙන් මිනිසුන්ට වඩා කාර්යක්ෂමව කොටස් එකලස් කිරීම හෝ නිෂ්පාදන ඇසුරුම් කිරීම වැනි කාර්යයන් කළ හැකි වෙනවා. ඒ හා සමානව, ප්‍රවාහන අංශය සදහා මිනිස් රියදුරන් වෙනුවට ස්වයංක්‍රීය වාහන යෙදීමෙන් රියදුරු අවශ්‍යතාවය අඩු වේ. තවද කෘත්‍රිම බුද්ධියේ (AI) පැමිනීමත් සමග Customer service, data entry, Writers, Graphic designers වැනි විශාල රැකියා ප්‍රමානයක් මේ වන විට මිනිසුන් හට අහිමි වෙමින් පවතින බව ඔබ දැනටමත් දන්නවා ඇති.

නවතම සංඛ්‍යා දත්ත අනුව එක්සත් ජනපදයේ, මුළු සේවා නියුක්තියෙන් 47%ක් පමණ අවදානමට ලක්ව ඇති අතර, කම්කරුවන්ගේ රැකියාද ඉදිරි වසර 20 තුළ ස්වයංක්‍රීය විමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව දක්වන්න පුලුවන්.

Image Source - zippia.com

2030 පමණ වෙන විට, ශ්‍රම බලකායෙන් හතරෙන් එකක් පමණ ස්වයංක්‍රීයකරණයට ලක් වීම හේතුවෙන් ඇමරිකානුවන් මිලියන 45කට රැකියා අහිමි විය හැකි බව මෙයින් අනාවරනය වේ.

කෙසේ වෙතත්, AI නව රැකියා අවස්ථා ද නිර්මාණය කරනු ලබනවා. AI තාක්ෂණයන් දියුණු වන විට Data analysis, Machine learning සහ AI Development වැනි නව රැකියා අවස්ථා නිර්මාණය වෙමින් පවතින අතර Data Scientists සහ AI Engineers හට ඉදිරියේදි ඉහළ ඉල්ලුමක් හිමි වෙනු ඇති බව නිසකයි. AI බොහෝ කර්මාන්තවල කාර්යයේ ස්වභාවයද වෙනස් කරනු ලබන අතර සාමාන්‍ය කාර්යයන් ස්වයංක්‍රීය වන විට, Problem-solving, Critical thinking, Communication වැනි කාර්යයන් මිනිසුන් හට පැවරෙන අතර මෙම skills ඇති සේවකයින් සදහාද ඉදිරියේදි ඉහළ ඉල්ලුමක් හිමි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න.

සමස්ථයක් වශයෙන්, AI හට රැකියා වෙළඳපොළ විවිධ ආකාරවලින් පරිවර්තනය කිරීමට හැකියාවක් ඇති අතර, නව අවස්ථා සහ අභියෝග නිර්මාණය කරයි. AI තාක්ෂණයන් අඛණ්ඩව දියුනු වන බැවින්, AI සඳහා ප්‍රවේශයක් ගැනීම වැදගත් වේ.

Sources: Zippia

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara