සිතියමේ නොදැක්වෙන මාර්ගයන් ඇඳීමට Google Maps සඳහා පහසුකම් ලබා දීමට Google සමාගම කටයුතු කරයි

මෙමගින් ඔබට Google Maps වල දැනට සදහන් නොවන මාර්ගයන් Google Maps වෙත එක්කිරීමටත් මාර්ගවලට යොදා ඇති නම් වෙනස් කිරීමටත් මාර්ගවල දිශානති වෙනස් කිරීමට හා අනවශ්‍ය මාර්ග ඉවත් කිරීමටත් අවස්ථාව සැලසේ.

සිතියමේ නොදැක්වෙන මාර්ගයන් ඇඳීමට Google Maps සඳහා පහසුකම් ලබා දීමට Google සමාගම කටයුතු කරයි

Google Map එක කියන්නෙ අද වෙද්දි අපි කාටත් නැතුවම බැරි මෙවලමකි. අප පෙර සංචාරය කර ඇති ප්‍රදේශයකට හෝ අලුතෙන් සංචාරයක් සිදුකිරීමේදී යන මෙම අවස්ථා දෙකේදීම Google Maps අපට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. මෙම මෙවලම ගැන ඔබට විශේෂ හැදින්වීමක් කළ යුතු නැත. මක් නිසාද ඔබ නිසැකවම එක් දිනක් හෝ මෙම භාවිතා කර ඇති බැවිනි.

මෙම මෙවලම භාවිතායේදි අප සියලු දෙනාටම වාගේ පොදු ගැටලුවක් මතු වෙනවා. එනම්, අප වෙනත් මූලාශ්‍රයකින් දැනගත් හෝ අසා ඇති ස්ථානයක් සොයා යාමෙදී අප යන ගමන් මාර්ගයේ ඇතැම් මාර්ගයන් Google Maps හි සලකුණු වී නොමැති වීමයි. මේ නිසා ඇතැම් සංචාරයන් වලදී අප අතරමංවීම් සිදුවී ගමන බොහෝ කටුක වී ඇත. තවත් අවස්ථාවල අප ඇස් ඉදිරීයෙන් පෙනෙන මාර්ගයම එම මොහොතේදී Google Maps හි දැකබලාගන්නට නොමැති වන අවස්ථාවන් අප ඕනෑ තරම් දැක තිබේ.

අද අප මෙම ලිපියෙන් විග්‍රහ කරන Google Maps වෙත අලුතෙන්ම හදුන්වාදීමට යන Add Missing Roads to Google Maps විශේෂාංගය මගින් ඉහත අප සදහන් කළ ගැටලුව මගහරවා ගැනීවට උපකාරී වනු ඇත. මෙමගින් ඔබට Google Maps වල දැනට සදහන් නොවන මාර්ගයන් Google Maps වෙත එක්කිරීමටත් මාර්ගවලට යොදා ඇති නම් වෙනස් කිරීමටත් මාර්ගවල දිශානති වෙනස් කිරීමට හා අනවශ්‍ය මාර්ග ඉවත් කිරීමටත් අවස්ථාව සැලසේ. මෙහීදී පරිශීලකයින් විසින් සිදුකරන්නා වූ සංස්කරණවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනවතුරුව ඒවා Google Maps වෙත එක්කරන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

මෙය සිදුකරන්නට ඔබට Google Maps හි desktop version එක maps.google.com වෙතින් ලබාගත යුතුය. ඉන්පසු Edit The Maps වෙත පිවිස Missing Road හරහා ඔබට Road Editor එක ලබා ගෙන ඔබට මාර්ගය රේඛා මගින් ඇදිම සිදු කළ හැකිය. එය සිදු කරන ආකාරය පිළිබද වීඩියෝවක් පහතින් දැක්වේ.

ඉදිරී මාස කිහිපය ඇතුළත මෙම විශේෂාංගය රටවල් 80 කට අධික ප්‍රමාණයකට නිකුත් කරන බවයි ඔවුන් ප්‍රකාශ කර තිබේ.

Source: Beebom

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna