Google Stadia සේවාව shutdown කිරීමට Google විසින් තීරණය කර​යි

Google Stadia සේවාව shutdown කිරීමට Google විසින් තීරණය කර​යි

Google විසින් Stadia වීඩියෝ ක්‍රීඩා සේවාව නව​තා දමන බව නිවේදනය කර ඇති අතර එය 2023 ජනවාරි 18 වන දින සිදු කරන බව​ට Google සමාගම පවසයි.

Google blog හි ප​ල කර ඇත්තේ Stadia විසින් පරිශීලකයින් අතර ඔවු​න් බලාපොරොත්​තු වූ ආකර්ෂණය ලබාගෙන නොමැති බව සහ එහි ප්‍රතිඵලයක් වශයෙන්, සේවාව වසා දමන බවයි. Stadia වෙතින් hardware හෝ games මිලදී ගත් පරිශීලකයින්ට හට එම මුදල් නැවත ලබා දෙන බව​ට Google සමාගම පවසා ඇත.

Stadia යනු Google හි cloud gaming සේවාවක් වන අතර එහිදී පරිශීලකයින්ට Assassin's Creed, Cyberpunk 2077 වැනි බොහෝ පරිගණක ක්‍රීඩාවන්හි යෙදීමට හැකි වේ.

Phil Harrison (vice president and general manager of Stadia) පවසන්නේ refunds 2023 ජනවාරි මැද වන විට පරිශීලකයින් හට ලැබීමට සලස්වනු ඇති බවයි. ඔහු පැවසුවේ, මෙම ක්‍රියාවලිය සඳහා අමතර විස්තර එහි Help Center එක හරහා ලබා ගත හැකි වනු ඇති බවයි.

Sources: The Verge

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna