2021 වර්ෂයේදී ලොව පුරා ඇ​ති Google Data Centers විසි​න් ජලය ලීටර බිලියන 15කට වඩා භාවිතා කර ඇති බව වාර්තාවකින් හෙලි ​වේ

2021 වර්ෂයේදී ලොව පුරා ඇ​ති Google Data Centers විසි​න් ජලය ලීටර බිලියන 15කට වඩා භාවිතා කර ඇති බව වාර්තාවකින් හෙලි ​වේ

ලොව මේ වන විට පවතින තක්ෂණික දියුණුවත් සමග ලොව පුරා විවිධ සමාගම් මගින් සිය මෙහෙයුම් වලට ප්‍රයෝජනවත් වන Data Centers භාවිතා කිරීම සිදුකරයි. පරිශීලක දත්ත ගබඩා කිරීම, නඩත්තු කිරීම සහ බෙදා හැරීම සඳහා මූලිකවම භාවිතා කරන මෙම Data Centers පිළිබඳව මේ දිනවල වාර්තා වන පුවතක් ඔබ වෙත මෙම ලිපිය ඔස්සේ අප විසින් ගෙන එන්නෙමු.

Data Centers වැදගත් වන්නේ ඇයි?

Data Center ලෙස හඳුන්වන්නේ යම් ආයතනයක් සතු දත්ත හා මෙහෙයුම් සියල්ලම මධ්‍යගත කර එහි පාලනය කිරීම සිදුකිරීමට භාවිතා කරනු ලබන පහසුකමකි. මෙහිදී දත්ත ගබඩා කිරීම, සැකසීම හා බෙදාහැරීම යන මූලික ක්‍රියාවලීන් සිදුකරන අතර එමෙන්ම එම සංවිධානය සතු උපකරණ සහ අනෙකුත් තාක්ෂණික මෙහෙයුම් මධ්‍යගත කිරීම ද සිදුකරයි.

මෙම Data Center එකක් හරහා යම් සංවිධානයක ප්‍රධාන මෙහෙයුම් රාශියක් සිදුවන බැවින් මෙහි නඩත්තු කිරීම් හා යාවත්කාලීන වීම් සඳහා ද මෙහි ආරක්ෂාව සඳහා ද සංවිධානයක වැඩි සැලකිල්ලක් යොමුවීම දක්නට ලැබෙන කරුණකි.

ඉහත සඳහන් කරනු ලබන් ආකාරයට 2021 වසර තුළදී Google සමාගම විසින් ලොව පුරා පවතින සිය සමාගම සතු Data Centers සඳහා ජලය ලීටර බිලියන 15ක පමණ ප්‍රමාණයක් භාවිතා කර ඇත. ඒ පිළිබඳව විස්තර කෙරෙන මෙම පුවත වසරක පමණ කාලයක් ප්‍රමාද වීමට හේතුව සමාගම් අතර පවතින ගැටලුකාරී වාතාවරණය විය හැකි බවට විචාරකයන් සඳහන් කරනු ලබයි.

මෙලෙස අති විශාල ලෙස ජලය පරිභෝජනය කිරීම පිළිබඳව විවිධ සංවිධාන වල දෝෂදර්ශණයට ලක්වන Google සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින Data Center සඳහා පමණක් එම ජල පරිභෝජනයෙන් 80% ක පමණ ප්‍රමාණයක් භාවිතා කර ඇති බවට සඳහන් වේ. මෙය පසුගිය වසර 5දී භාවිතා කළ ජල ප්‍රමාණයට සාපේක්ෂව තුන්ගුණයක වැඩි වීමක් බව මාධ්‍ය වාර්තා කරයි.

වැදගත් කරුණ වන්නේ මෙම වසරේම නිකුත් කළ වාර්තාවකින් Microsoft සමාගම සිය සමාගම සතු Data Centers සඳහා 2021 වසරේ දී ජලය ලීටර මිලියන 84කට අධික ප්‍රමාණයක් භාවිතා කර ඇති බවයි.

Data Centers සඳහා ජලය මෙතරම් අවශ්‍ය වන්නේ ඇයි?

Source: gizmochina.com

කෙටියෙන් සඳහන් කරන විට Data Centers සඳහා ජලය අවශ්‍ය වන්නේ ප්‍රධාන වශයෙන් එහි සිසිලන ක්‍රියාවලියට වේ. Data Centers තුළ පවතින Servers හි ක්‍රියාවලීන් තුළ දී ඇතිවන්නාවූ උෂ්ණත්වයේ වැඩිවීම පාලනය කිරීමට මූලිකවම ජලය භාවිතා කරයි. මූලාශ්‍ර වලට අනුව උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 ඉක්මවන අවස්ථාවේ දී සිසිලන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සිදුවේ.

මෙහිදී පරිභෝජනය කරනු ලබන ජලය නැවත පුනර්ජනනීය ලෙස භාවිතා කිරීමේ ගැටලුව මේ වන විට විවිධ සමාගම් සඳහා පැනනැගී ඇති අතර ඒ සඳහා සාධනීය විසඳුම් ලබාගනු ඇතැයි අප හට බලාපොරොත්තුවක් තමාගත හැකිවේ. බොහෝ විට මෙලෙස Google සමාගම සතු Data Centers සඳහා භාවිතා කරන ලද ජල පරිභෝජනයේ ඉහළ යාම සඳහා ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෘජුවම බලපා ඇති බවට අනුමාන කළ හැකිවේ.

Google සමාගම සතු Data Centers පවතින ස්ථාන. Source: google.com

එමෙන්ම අමෙරිකාව ආශ්‍රිතව පවතින Data Centers වලට සාපේක්ෂව යුරෝපය තුළ පවතින ඒවායේ කැපී පෙනෙන ජල පරිභෝජනයේ අඩුවීමක් නිරීක්ෂණය කළ හැකිවේ. මෙම Data Centers ආශ්‍රයෙන් සිදුකළ පරීක්ෂණ ලිපියක් ඔබට පහතින් Download කිරීමට හැකියාව පවතී.

මෙවැනිම නවතම තොරතුරු සමග යාවත්කාලීන වීම සඳහා Android වැඩකාරයෝ WhatsApp, Telegram සහ Facebook ඔස්සේ සම්බන්ධවී සිටින්න.

Sources: google.com gizmochina.com usnews.com researchgate.net

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna