ඉන්දියාවේ එලිදැක්වීමෙන් පසු Redmi Note 10 5G දුරකථනය මුළු ලොවටම එලිදැක්වෙයි

ඉන්දියාවේ එලිදැක්වීමෙන් පසු Redmi Note 10 5G දුරකථනය මුළු ලොවටම එලිදැක්වෙයි

මීට කලින් Xiaomi Redmi Note 10 series එකේ ඉන්දියාව තුළ එලිදැක්වුණු දුරකථන මාදිලි පිළිබද ලිපියක් ගෙන ගෙන ආවා. එම ලිපිය මෙතැනින් කියවන්න.

Xiaomi Redmi Note 10 series එකේ global launching event එකේදි Redmi Note 10, Redmi Note 10S, Redmi Note 10 Pro සහ Redmi Note 10 5G ආකාරයෙන් දුරකථන මාදිලි 4 ක් Release උනා.

ඉන්දියාවේදී එළිදැක්වුණු දුරකථන වලින් Redmi Note 10 Pro Max දුරකථනය නම වෙනස් කොට Redmi Note 10 Pro ලෙසින් Global Launch එකේදී එලිදැක්වුණි. එහිදී ඉන්දියාවේදි එලිදැක්වුණු නැති නවතම device එකක් ලෙසින් Redmi Note 10 5G දුරකථනය එළිදැක්වුණි.

එහි විශේෂම කරුණක් වන්නේ එය $199 කට මිලකට නිකුත් වීමයි.

මේ device එකේ display එක විදියට අගල් 6.5 ක dot display එකක් සහ මේ display එකට 90 Hz refresh rate එකක් සමග adaptive sync පහසුකමත් ලැබෙනවා.මේ ජංගම දුරකතනය බලගැන්වෙන්නෙ MediaTek Dimensity 700 7nm processor එකෙන්. ඒ වගේම මේ Device එකට 5G dual sim පහසුකමත් අඩංගු වෙනවා.

Redmi Note 10 5G ජංගම දුරකතනය සඳහා යොදා ඇති Ram එක සහ Storage එක අනුව මාදිලි 2 කින් මිලදී ගන්න පුලුවන්. එනම්, 64GB Storage එකක් සමග 4GB RAM හා 128GB Storage එකක් සමග 4GB RAM අදී ලෙසටයි.

ඊට අමතරව මෙහි මෙහෙයුම් පද්ධතිය ලෙස යොදාගෙන තිබෙන්නේ Android 11 මූලික කරගෙන නිර්මාණය වුණු MIUI 12 වන අතර මෙම ජංගම දුරකතනය සඳහා යොදාගෙන ඇත්තේ 5000mAh non-removable battery එකක් වන අතර එය ආරෝපණය කිරීම සඳහා 18W fast charging පහසුකමින් යුතු charger එකක් ලබා දී තිබෙනවා.

Redmi Note 10 5G ජංගම දුරකතන සඳහා triple rear camera setup එකක් යොදාගෙන ඇති අතර එය 48-megapixel primary wide angle camera එකකින්ද, 2-megapixel camera එකකින් සහ depth sensor එකකින් සමන්විත වෙනවා. මෙහි selfie camera එක විදියට 8MP camera එකක් ලබා දී තිබෙනවා.

Xiaomi Redmi Note 10 5G දුරකථනයේ 4GB/64GB modelහි මිල $199ක් ලෙසත් 4GB/128GB modelහි මිල $229ක් ලෙසත් වෙළඳපලට නිකුත් කර තිබෙනවා.

Source: Xiaomi Redmi Note 10 Series Global Launch

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara