Emoji දෙකක් එකතු කර Emojiයක් සකසා ගත හැකි Emoji Kitchen පහසුකම Gboard වෙත ලබාදේ

Emoji දෙකක් එකතු කර Emojiයක් සකසා ගත හැකි Emoji Kitchen පහසුකම Gboard වෙත ලබාදේ

Google සමාගම විසින් ඔවුන්ගේ Keyboard එක වෙන Gboard keyboard එක සදහා අලුත්ම Feature එකක් හදුන්වා දි තිබෙනවා. මේ Feature එක ඔවුන් හදුන්වන්නේ “Emoji Kitchen” යනුවෙන්.

ආහ්; ඔයා දන්නවද Emoji වල අතීතය ගැන, ඒ ගැන මෙතනින් කියවන්න. ඒ වගේම මතකනේ අපි කලින් ලිපියක් ගෙනාවා 2021 වසර සදහා අලුත්ම Emoji 217 හදුන්වා දෙන්නත් ලැස්තියි කියල.

මොකක්ද මේ Emoji Kitchen කියන Feature එක ?‌‌

මේ Feature එකෙන් අපිට පුළුවන් Emoji දෙකක් එකතු කරල Sticker එකක් හදා ගන්න. මේ Stickers බොහෝ විට අපේ Keyboard එක තුල දකින්න නැති Stickers. ⁣ඉතින් අපිට කැමති Emoji දෙකක් Combination කරල ඊට අනන්‍ය වෙච්චිම Sticker එකක් හෝ කිහිපයක් හදා ගන්න හැකියාව දැන් Gboard Keyboard එකෙන් ලබා දි තිබෙනවා.

Gboard App එකේ Android Beta Version එක සදහා මේ Feature එක දැනට ලබා දිලා තියෙනවා. කලින් හැකියාව තිබ්බේ එක Emoji එකක් Gboard Keyboard එකේ Type කල පසු ඉට අදාල Stickers අපිට යවන්න පුළුවන් අකාරයට. ඒත් මේ අලුත්ම Beta Version එකෙන් දැන් Emoji දෙකක් Combination කිරිමේ හැකියාව ලබා දිලා තියෙනවා. ඒ Emoji දෙකේ Combination Stickersවලින් කැමති එකක් තෝරගෙන Send කරන්න පුළුවන්.

හැබැයි තාමත් මේ Feature එක Gboard Keyboard එකේ තියෙන හැම Emoji එකකටම වැඩ කරන්නේ නැ. දැනට යම් යම් විශේෂ Emoji කිහිපයක් සදහා පමණයි මේ Emoji Kitchen Feature එක ලබා දි තිබෙන්නේ.

Emoji කිහිපයක් සදහා දැනට මේ Feature එක සිමා වුවත් ඉදිරියේදි Emoji Kitchen සදහා භාවිත කල හැකි Emojis ගණන වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ Emoji Kitchen Feature එක Gboard Keyboard Usersලා අතර අතිශය ජනප්‍රිය වෙන Feature එකක් බව කියන්න පුළුවන්.

Source: 9to5google

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna