ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් ඉපයු සිංහල චිත්‍රපටය බවට "ගජමෑන්" පත්වෙයි

ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් ඉපයු සිංහල චිත්‍රපටය බවට "ගජමෑන්" පත්වෙයි

මේ වන විට ශ්‍රී ලංකාව තුළ වෙසෙන ඔයාලා හැමෝම ගජමෑන් චිත්‍රපටය එක් වරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිනමා ශාලාවෙන් නරඹලා තියෙන බවට සැකයක් නැ.

පසුගිය ජනවාරි 17 වනදා ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය ලෙස දිවයින පුරා 3D සිනමා ශාලා රැසක තිරගත විම ආරම්භ වු මේ ගජමෑන් චිත්‍රපටය මේ වෙන විට ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබන්නට සමත් වු බවත් ඔබ දැනටමත් දන්නවා.

• සිංහල චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක් ලබා ගත් වැඩිම නැරඹුම් වාර ප්‍රමාණයක් ලබාත් චිත්‍රපටය

• ආරම්භක සති අන්තය වැඩිම ආදායමක් ඉපයු චිත්‍රපටය

• සතියේ සෑම දිනකම වැඩිම ආදායමක් ඉපයු චිත්‍රපටය

• IMDB දර්ශකයේ 9.1 අගයක් ලබාගනිමින් වැඩිම Ratings ලබා ගත් සිංහල චිත්‍රපටය

• දිනක තුළ වැඩිම ආදායම් උපයා ගත් සිංහල චිත්‍රපටය

• වේගවත්ම මිලියන 10 ආදායම ඉපයු චිත්‍රපටය

• වේගවත්ම මිලියන 20 ආදායම ඉපයු චිත්‍රපටය

• වේගවත්ම මිලියන 30 ආදායම ඉපයු චිත්‍රපටය

• වේගවත්ම මිලියන 40 ආදායම ඉපයු චිත්‍රපටය

• වේගවත්ම මිලියන 40 ආදායම ඉපයු චිත්‍රපටය

• ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික චිත්‍රපටයක් සදහා වන වාර්තාගත ඉහළම Pre-Booking ප්‍රමාණය

• වේගවත්ම මිලියන 100 ආදායම ඉපයු චිත්‍රපටය

• වේගවත්ම මිලියන 200 ආදායම ඉපයු චිත්‍රපටය

• වේගවත්ම මිලියන 300 ආදායම ඉපයු චිත්‍රපටය

මෙලෙස වාර්තා පිට වාර්තා තබමින් අති සාර්ථක ලෙස තිරගත වන ගජමෑන් චිත්‍රපටය මේ වන විට ලොව පුරා සිංහල චිත්‍රපටයක් ලබාගත් වැඩිම ආදයම වාර්තා කිරිමට සමක් වි තිබෙනවා. ඒ මිලියන 380ක ආදායමක් වාර්තා කරමිනුයි.

ඉතින් තවමත් මේ ආදායම් වාර්තා අලුත් කරන චිත්‍රපටය ඔබ නරඹා නැතිනම් අදම ඔබගේ ලගම සිනමා ශාලාවට ගොස් නරඹන්න කියලත් අපි ආරාධනා කරනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara