PUBG Mobile ආදේශකයක් ලෙස නිපදවූ FAU-G සඳහා Pre-Registration ආරම්භ කිරීමට කටයුතු කරයි

PUBG Mobile ආදේශකයක් ලෙස නිපදවූ FAU-G සඳහා Pre-Registration ආරම්භ කිරීමට කටයුතු කරයි

ඔබට මතක ඇති ඉන්දියානු රජය විසින් පසුගිය කාලයේ PUBG ඇතුලු චින Apps 117 තහනම් කිරිමට කටයුතු කලා. ඒ වගේම Fortnite Game එකද Appstore සහ Playstore තුලින් ඉවත් කිරිමට කටයුතු සිදු වුවා. ඒ nCore Games නම් ඉන්දියානු වීඩියෝ ක්‍රීඩා නිපදවන ආයතනයක් විසින් Fearless And United: Guards හෙවත් FAU-G නමින් PUBG Mobile විකල්පයක් නිපදවන බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා.

පසුගිය කාලයේ FAU-G Game එකේ Cinematic Trailer එකද n-Core Gamesහි නිල Twitter ගිණුම හරහා එළිදක්වලා තිබුණා. ඒ වගේම දැන් මේ FAU-G Mobile Game එක සදහා Google Play Store හරහා Pre-registration විමට අවස්ථාව ලබා දි තිබෙනවා.

nCore Games හි නිල Twitter ගිණුම ඔස්සේ මේ බව ඔවුන් දන්වා තිබෙනවා.

මුලදි මේ Game එක නොවැම්බර් මාසයේ දි නිකුත් වනු ඇති බවට තොරතුරු පල වුවාත්, තවත් සති කිහිපයකින් මෙය නිකුත් විම ප්‍රමාද වනු ඇතැයි අපේක්ෂා කරන්න පුළුවන්.

තවමත් මේ FAU-G Mobile Game එකේ Pre-registration ලබා දි තිබෙන්නේ Android Usersලාට පමණයි. iOS Usersලාට මේ Game එකේ Pre-registration ලබා දෙන දිනයක් පිළිබඳව නම් තවමත් තොරතුරු ලැබි නැ.

Sources : Beebom

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara