මැයි අහසේ මුතු වැස්ස හෙවත් Eta Aquraids

ඔබ රෑ අහස නිරීක්ෂණය කරන්නෙක් නම්, ඇතැම්විට වර්නවත් ආලෝකයන් අහස පුරා විහිදී ගමන් කරනු දැක ඇති. හුදෙක් ආලෝකයක් පමනක් නොවන මේ වස්තූන් තාරකා විද්‍යාවේදී උල්කාපාත වර්ෂාවන් (meteor shower) නමින් සදහන් වේ.

මැයි අහසේ මුතු වැස්ස හෙවත් Eta Aquraids
මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි තාරකා විද්‍යා සංගමයේ සාමාජික සශේන් ප්‍රබොධක හේවාවිතාරණ සොයුරා විසින් ලියැවුණකි.

ඔබ රෑ අහස නිරීක්ෂණය කරන්නෙක් නම්, ඇතැම්විට වර්නවත් ආලෝකයන් අහස පුරා විහිදී ගමන් කරනු දැක ඇති. හුදෙක් ආලෝකයක් පමනක් නොවන මේ වස්තූන් තාරකා විද්‍යාවේදී උල්කාපාත වර්ෂාවන්(meteor shower) නමින් සදහන් වේ.

උල්කා වර්ෂාවක උපත වන්නේ ග්‍රහකයක් හෝ ධූම කේතුවක ගමන්මගේදී අවකාශයට විසිවන හෙවත් අතහැර යන පාෂාණ කැබලි වලිනි. මේවා පෘථිවි පරිභ්‍රමණ කක්ෂයට (orbit) ආසන්නයේ පවතී නම් ඇතැම් විට පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසුවී පොළොවට කඩා වැටේ, නමුත් ඒවා පොළොවට වැටීමට පෙර විවිධ වර්ණ වලින් දැවී අවසන් වේ. ඒවා උල්කා (meteors) ලෙස හඳුන්වයි. එවැනි උල්කා රාශියක් ඉහළ අහසෙහි දැවී වර්ණවත් ලෙස දිස් වීමේ දී උල්කා වර්ෂා (meteor shower) ලෙස හඳුන්වයි. වාර්ෂිකව, වසර පුරා උල්කාපාත වර්ෂා රාත්‍රී අහසේ දැකගත හැකිය.

එවැනි වඩාත් ක්‍රියාකාරී උල්කා වර්ෂාවක් වන මේ දිනවල අහසේ දක්නට ලැබෙන, ඊටා ඇක්වාරීඩ්ස් (Eta Aquariids) වර්ෂාවද 1682 දී ප්‍රථම වරට එඩ්මන්ඩ් හැලී (Edmund halley) විසින් සොයාගත් ප්‍රසිද්ධ හේලිගේ ධූමකේතුවේ (Halley's comet ) පාෂාණ කැබලි වලින් හටගන්නා වර්ෂාවකි. කුම්භ තාරකා රාශිය( Aquarius )පසුබිම් කරගෙන දිස් වීම හේතුවෙන් එම නම ලැබී ඇත.

වේගවත් හා ක්‍රියාකාරී උල්කා වර්ෂාවක් වන Eta Aquariids වර්ෂාවේ ප්‍රවේගය පැයට කිලෝමීටර් හැට හයක් පමණ වේ (66km/h) අප්‍රේල් මස 18 සිට මැයි 27 දක්වා රාත්‍රී අහසේ දිස් වුවද ශ්‍රී ලංකාවාසීන්ට වර්ෂාවේ උච්චතම (peak ) අවස්ථාව වන මැයි 5 - 6 වන දිනවල දී, පැයක් තුළ දැකිය හැකි ප්‍රමාණය (ZHR අගය) 40ත් 50ත් අතර අගයක් ගනියි. (Zenithal Hourly Rate - උච්චතම අවස්ථාවේ දී පැයක් තුළ දැකිය හැකි උල්කා ප්‍රමාණය)

මැයි මස 4 ත් 7 අතර දින‍යන් ඉතා සුදුසුය. නැගෙනහිර අහසේ ක්ශිතිජයෙන් ඉහලට පැමිණෙන කුම්භ තාරකා රාශිය පසුබිම හා විමෝචක ලක්ෂය (Radiant) කරගෙන උල්කාපාත වර්ෂාව දැකගත හැකිය.

ඊටා ඇක්වාරීඩ්ස් (Eta Aquariids) නිරීක්ෂණය කිරීම.

පලමුව ඔබ මැයි 5 - 6 දිනයන් වල අලුයම 1: 40 (+5.30GMT) ට පමණ නැගෙනහිර අහසට හැරෙන්න, එහිදී ක්ෂිතිජයට ආසන්නයේ නැගී එන කුම්භ රාශිය හඳුනාගත හැක. කුම්භ රාශියේ දෙවනුවට දීප්තිමත් තාරකාව වන Sadalmelik හඳුනාගන්න. (ඒ සඳහා ඔබට ජංගම දුරකථන යෙදුමක් යොදා ගත හැක). ඊට 6° පමණ පහලින් Eta Aquariids හි විමෝචක ලක්ෂය (Radiant) දිස්වේ.

සැ.යු. නිරීක්ෂණය කල යුත්තේ විමෝචක ලක්ෂය පමණක් නොව තාරකා රාශිය හා එහි අවට අහස ද නිරීක්ෂණය කරන්න. පැහැදිලිව නිරීක්ෂණය කර ගැනීම සඳහා වඩාත් අඳුරු ස්ථානයක් තෝරාගන්න (ඒ සඳහා ගෙමිදුලේ ඇති ආලෝක පහන් නිවා දැමිය හැක.) නිරීක්ෂණය කිරීමේදී ඔබේ ඇස ඉවතට ගැනීමේ අවස්ථා අඩුකර ගැනීම ඉතා වැදගත් වේ, මන්ද එක් උල්කාවක් දිස්වන්නේ තප්පරයකටත් අඩු කාලයක් බැවිනි.

තාරකා රාශි හඳුනාගැනීම සඳහා ඔබට පහත සඳහන් ජංගම දුරකථන යෙදවුම් යොදා ගත හැක.

  1. Stellarium (iOS/Android) - Free
  2. Google Sky Map (Android) - Free
  3. Night Sky (iOS) - Free
  4. Sky Map
  5. Star Walk 2

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara