මේ වන විට Epic Games ගිණුම් මිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව Epic සමාගම විසින් ප්‍රකාශ කර​යි

මේ වන විට Epic Games ගිණුම් මිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව Epic සමාගම විසින් ප්‍රකාශ කර​යි

මේ වන විට Epic Games පරීශීලක ගිණුම් මිලියන 500 කට වඩා පවතින බව එම සමාගම විසින් පසුගිය බදාදා නිවේදනය කරනු ලැබුවා. Steam එකත් සමග තරගකරුවෙකු ලෙස සිටින Epic Games සදහා මෙය ඉතා වැදගත් සන්ධිස්ථානයක් වෙන අතර මෙම ගිණුම්වලින් කොතරම් සංඛ්‍යාවක් Fornite වැනි ඔවුන්ගේම Games Play කරන පුද්ගලයන්ට අයත්දැයි යන්න සහ මේවායින් කොපමණක් Epic Games Store එක පමණක් භාවිතා කරනවාද යන්න පිළිබද සදහනක් කර නොමැති වෙනවා.

2018 වසරේ ආරම්භ වුණ Epic games සමාගම ඉතා වේගයෙන් ඔවුන්ගේ Games ගබඩාව විශාල කරගැනීමටත්, විශාල පරිශීලකයන් ප්‍රමාණයක් ඇදගැනීමටත් සමත් වුණා. ඔයාලට මතක ඇති 2020 වසරේදි මෙම සමාගම විසින් GTA V Game එක නොමිලයේ ලබා දීමට කටයුතු කළ අතර ඒ හරහා පරිශීලකයින් මිලියන 7ක් පමණ අලුතනේ එකතු කරගැනීමට සමත් වුවා. එහිදී ඇතිවු අධික තදබදය හේතුවෙන් පැය 8 ක පමණ කාලයක් ඔවුන්ගේ සේවාවන්​හි බිදවැටීමක්ද ඇති වුණා. එමෙන්ම මේ වසර වෙන විටත් ඔවුන් විසින් සතියකට වරක් Free game එකක් ලබාදීම සිදු කරගෙන යනවා.

එමෙන්ම Epic සමාගමේ Unreal Engine මත අනාගතයේ බිහිවන Games වලින් 48% ක් පමණ නිර්මාණය වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

Source: The Verge

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara