Elon Muskට ඇත්තටම අභ්‍යවකාශයේ දැන්වීම් පළ කිරීමට හැකිද?

Elon Muskට ඇත්තටම අභ්‍යවකාශයේ දැන්වීම් පළ කිරීමට හැකිද?

මේ දවස්වල "SpaceX සමාගමෙන් චන්ද්‍රිකාවක් යවලා රෑ අහසේ පේන්න දැනවීම් දානවා" කියලා පොස්ට් තියනවා ඔබත් දකින්නට ඇති. ඒක සම්පූර්ණ වැරදි කතාවක්. ඒ විතරක් නෙමෙයි ඒක කරන්න බැරි වැඩක්. කොහොමහරි ඇත්තටම වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.

අභ්‍යවකාශයේ සිට වෙළඳ දැන්වීම් විකාශය කිරීමේ අරමුණින් කැනඩාවේ Geometric Energy Corp. සමාගම විසින් කුඩා චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීමට නියමිතයි. මේ චන්ද්‍රිකාවේ කුඩා පරිගණක තිරයක් ඇති අතර කැමති කෙනෙක්ට මුදල් ගෙවා ඒ තිරයේ දැන්වීම් පළ කළ හැක. ඉන්පසු මේ චන්ද්‍රිකාවේ ඇති "සෙල්ෆි කැමරාවකින්" මේ පරිගණක තිරය සහ පසුබිමේ අභ්‍යවකාශය හා පෘථිවිය ඇති ලෙසින් ඉතා අලංකාර දර්ශනයක් නැවත පෘථිවියට විකාශය කරනවා. අභ්‍යවකාශයේ සිට වෙළඳ දැන්වීම් පෙන්වනවා කියන්නේ මෙන්න මේ ක්‍රියාවයි.

ඉතින් මේ දේවල්වලට Elon Musk ගේ ඍජු දායකත්වයක් නෑ. අනිත් රොකට් සමාගම් වගේම SpaceX සමාගමත් කරන්නේ මුදල්වලට චන්ද්‍රිකා දියත් කිරීමයි (Launch Service Provider). ඉතින් මේ චන්ද්‍රිකාව දියත් කිරීමට එය නිපදවන GEC සමාගමෙන් තෝරාගෙන තියෙන්නේ SpaceX සමාගමයි. ඒ දේවල් SpaceX සමාගමේ ව්‍යාපාර හා ගණුදෙනු හසුරවන නිලධාරීන් විසින් සිදුකරනවා මිසක් SpaceX සමාගමේ සිදු වන සෑම ව්‍යාපාර කටයුත්තක්ම Elon සිදු කරන ‌දේවල් නෙමෙයි.

කෙසේ නමුත් ඇත්තටම රෑ අහසේ අකුරු පෙනෙන ලෙසින් පරිගණක තිරයක් අභ්‍යවකාශයේ කක්ෂගත කරනවා නම් එහි ප්‍රමාණය කොපමණ විය යුතුදැයි ඔබටත් සිතෙනවා ඇති. මේ වන විට පෘථිවි කක්ෂයේ ඇති විශාලතම කෘතිම වස්තුව වන අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළ පාපන්දු ක්‍රීඩාංගනයක් තරම් විශාලයි. නමුත් එය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 400 ක් උසකින් ඇති නිසා එය අපිට පේන්නේ තරුවක් මෙන් කුඩා තිතක් ලෙසයි. සාමාන්‍ය මිනිස් ඇසක පෙනීම අනුව අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළ තරම් උසක ඇති "අකුරක්" පොළවේ සිට කියවීමට නම් එහි දිග පළල ආසන්න වශයෙන් කිලෝමීටර් 5.8 ක් පමණ විය යුතු වේ.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara