Chromebooks විසින් Mac වල Market Share එක අභිබවා යෑමට සමත් වෙයි

Chromebooks විසින් Mac වල Market Share එක අභිබවා යෑමට සමත් වෙයි

Chromebooks වල ඉතිහාසය බැලුවොත් Chromebooks මුලින්ම release වෙන්නෙ 2011 ද Acer සහ Samsung යන සමාගම් දෙක විසිනි. පසුව 2013 දී  Lenovo, Hewlett Packard සහ Google සමාගම්නුත් Chromebook market එකට පිවිසෙනවා.ඒ අනුව 2013 වසරේදී Google සමාගම විසින් ඔවුන්ගේම Chrome OS එක සහිතව Chrome Pixel නමින් Laptop පරිගණකයක් නිකුත් කරනවා.

ඉන් පසුව 2016 වසරේදී Google සමාගම විසින් Google Play හරහා Android Apps ලබාගැනීමේ පහසුකම ලබා දෙනවා. පසුව 2018 වසරේදී Linux Apps ලබාගැනීමේ පහසුකම Chromebook වෙත ලබා දෙන්න කටයුතු කරනවා.

2019 වසරේදී Market Share එකෙන් 85.4% ක් Windows OS එක සහිත computers වලටත් 6.7% ක් macOS එක සහිතව එන mac computers වලටත් 6.4% chrome OS සහිතව එන Chromebooks වලටත් ලෙස බෙදී ගොස් 2 වන ස්ථානයේ mac computers රැදී සිටියේය.

නමුත් 2020 වර්ෂයේදී 80.5% ක් Windows OS එක සහිත computers වලටත් 7.5% ක් macOS එක සහිතව එන mac computers වලටත් 10.8% chrome OS සහිතව එන Chromebooks වලටත්‌‌යන අයුරින් බෙදී ගොස් තිබුණි.මෙහි දැක්වූ සියලු ප්‍රතිශත වලට ඇතුලත් වන්නේ desktops, laptops සහ workstations පමණි. එය 2020 වසරේ විවිධ කාර්තූන් වල බෙදී ගිය ආකාරය පහත image එකේ දැක්වේ.‌‌‌‌‌‌

ඒ අනුව 2020 වසර අවසානයේ mac අභිබවා Chromebook විසින් market share ප්‍රතිශතය අනුව 2 වෙනි ස්ථානයට පත්විය.

මෙයට බොහෝ දුරට බලපාන්නට ඇත්තේ Covid-19 වසංගත තත්වය සමග පාසල් ළමුන්ට නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදුකරගැනීමට අවශ්‍ය පරිගණකයක් ලෙස අඩු මුදලකට Chromebook මිලදී ගැනීමට හැකි වීමයි.

Sources: BBC, GeekWire

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara