ඇමරිකාව ඉහළ අහසේ චීනයට අයිති යැයි සැක කෙරෙන ඔත්තු බලන බැලූනයක්?

ඇමරිකාව ඉහළ අහසේ චීනයට අයිති යැයි සැක කෙරෙන ඔත්තු බලන බැලූනයක්?

ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පවසන ආකාරයට ඇමරිකාවේ භූමියට ඉහළින් ගමන් කරන ඔත්තු බලන චන්ද්‍රිකාවක් සොයා ගෙන ඇත. එය චීනයට අයිති බව "විශ්වාසයෙන්" පැවසිය හැකි බව ඔවුන් ප්‍රකාශ කර සිටී.

මෙම බැලූනය සොයා ගත්තේ ඇමරිකාවේ මොන්ටානා ජනපදයට ඉහළින් ගමන් කරමින් තිබියදීය. මොන්ටානා යනු කැනඩාවට මායිම් වන ජනපදයකි. ඒ නිසා කැනඩාවත් මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටී. ඔවුන් ප්‍රකාශ කරන්නේ ඇමරිකාව සමග සාකච්ඡා කරමින් මෙයට සිදු කරන්නේ කුමක්ද යන්න සලකා බලන බවයි. මෙම බැලූනය ඇමරිකාවේ ඇලස්කා ජනපදයට ඉහළීන් ගමන් කර කැනඩාව හරහා ගමන් කරන ඇමරිකාවේ මොන්ටානා ජනපදය ඉහළින් ගමන් කරමින් පවතින බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

වායුගෝලීය දත්ත භාවිතා කරමින් බැලූනයේ ගමන් මාර්ගය ගණනය කළ විට....

ඔවුන් ප්‍රකාශ කරන්නේ ධවල මන්දිරයෙන් පැවසුවහොත් මෙය විනාශ කර දැමීමට F-22 ප්‍රහාරක ගුවන් යානා සූදානමින් පවතින බවයි. කෙසේ නමුත් මෙයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළහොත් එහි කොටස් බිමට වැටී සිදු විය හැකි හානි ගැන සලකමින් තවමත් එම තීරණය ගෙන නොමැත. මොන්ටානා ජනපදයේ න්‍යෂ්ටික මිසයිල දියත් කරන ගුවන් හමුදා මූලස්ථානයක් ඇත. ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම බැලූනය මෙම ප්‍රදේශවලට ඉහළින් පියාසර කරන බවයි. කෙසේ නමුත් ඇමරිකාවට මෙන්ම චීනයටත් ඉතාමත් ප්‍රභල ඔත්තු බැලීමේ චන්ද්‍රිකා ඇත. එම චන්ද්‍රිකාවලින් ලබා දීමට නොහැකි මට්ටමක තොරතුරු මෙම බැලූන් යැවීමෙන් ලබා ගත නොහැකි බවත් ඔවුන් විසින් ප්‍රකාශ කර ඇත.

මෙය චීනයේ වාණිජ පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක ඡායාරූපයකි. ආරක්ෂක අංශවල චන්ද්‍රිකා මීට වඩා බලවත් වේ.

මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ චීන තානාපති කාර්යාලයෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ මෙම බැලූනය චීනයේ බවට තහවුරු කර ගන්නා තුරු මෙම චෝදනා එල්ල නොකරන ලෙසයි.

Sources: www.theguardian.com edition.cnn.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna