BreachForums හි නිර්මාතෲ අත්අඩංගුවට

Krebs on Security සහ Bleeping Computer වෙබ් අඩවි විසින් වාර්තා කළ පරිදි, BreachForums නම් online hacker forum හී නිර්මාතෲ ලෙස සැක කෙරෙන පුද්ගලයාව FBI විසින් පසුගිය මාර්තු 17 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

BreachForums හි නිර්මාතෲ අත්අඩංගුවට

Krebs on Security සහ Bleeping Computer වෙබ් අඩවි විසින් වාර්තා කළ පරිදි, BreachForums නම් online hacker forum හී නිර්මාතෲ ලෙස සැක කෙරෙන පුද්ගලයාව FBI විසින් පසුගිය මාර්තු 17 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Conor Brian Fitzpatrick, "Pompompurin" නමින් පෙනී සිටි ඔහුව, බදාදා තම නිව් යෝර්ක් නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, අධිකරණ ගොනු කිරීම් යුගලයකට අනුව, ප්‍රවේශ උපාංග වංචා (access device fraud) සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

නඩුවට සම්බන්ධ FBI නියෝජිතයා පවසා සිටින්නේ Fitzpatrick අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, BreachForums හී හිමිකරු හා "Pompompurin" ලෙස පෙනී සිටියේ තමන් බව පිළිගත් බවයි. Pompompurin විසින් BreachForums නිර්මාණය කළේ FBI විසින් මීට සමානම forum එකක් වූ RaidForums තහනම් කිරීමත් සමගය.

මොහු නීති උල්ලංඝනය කිරීම් ගණනාවකට සම්බන්ධ වී ඇති අතර, ඒවායින් බොහොමයක් FBI ඉලක්ක කර සිදු කර ඇති ඒවාය.  2021 දී, Pompompurin FBI හි විද්‍යුත් තැපැල් ලිපිනයෙන් ව්‍යාජ සයිබර් ආරක්ෂණ අනතුරු ඇඟවීම් දහස් ගණනක් යැවීමට සම්බන්ධ සිදුවීමේ වගකීමද භාරගෙන ඇත. භෞතික හා ඩිජිටල් තර්ජන පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගත් FBI හි තොරතුරු බෙදාගැනීමේ වැඩසටහනක් වන Infragard හී දත්ත සොරකමකටද මොහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

තවදුරටත් Bleeping Computer වෙබ් අඩවිය සදහන් කරන්නේ 2021 දී සිදු වූ Robinhood breach එකට හා පසුගිය නොවැම්බර් මාසයේ සිදුවූ Twitter user handles සහ email ලිපින leak එකටද Pompompurin සම්බන්ධ බවයි.

කෙසේවෙතත් මේ සිදුවීමෙන් පසුව BreachForums හී පළ කර තිබූ පෝස්ට් එකක් මගින් සදහන් කර ඇත්තේ නව නායකත්වයක් යටතේ දිගටම වෙබ් අඩවිය පවත්වාගෙන යන බවයි. නමුත් මේ වන විට වෙබ් අඩවිය අක්‍රීය වී තිබෙනවා.

Yandex source code Leak, DC Health Link breach, Australian telecommunications company Optus breach ආදී මෑතක සිදුවූ ප්‍රධාන පෙලේ දත්ත සොරාකම් වල දත්ත පවා මෙම forum එක තුළ පලවිය.

Fitzpatrick හෙවත් Pompompurin පසුගිය බ්‍රහස්පතින්දා දින ඩොලර් 300,000ක ඇප මත මුදා හරින ලද අතර පසුගිය මාර්තු 24 වන දා වර්ජිනියා අධිකරණය වෙත ඔහුව ඉදිරිපත් කරනු ලැබුවා.

Sources: krebsonsecurity.com bleepingcomputer.com theverge.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara