iPhone 14හි අත්හදා බැලීමේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා ​වේ

iPhone 14හි අත්හදා බැලීමේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා ​වේ

Apple සමාගම විසින් ඉදිරි මාස කිහිපය තුලදී ඔවුන්ගේ මීළඟ ස්මාර්ට්ෆෝන් එක ලෙස iPhone 14 series එක නිකුත් කිරීමට කටයුතු කරන අතර එම lineup සඳහා සමාගම විසින් ඉහළ බලාපොරොත්තු ඇතිව කටයුතු කරන බවටද වාර්තා වනවා.

එම වාර්තා වලට අනුව Apple සමාගම විසින් iPhone 14 series එකේ අත්හදා බැලීමේ නිෂ්පාදන ආරම්භ කර ඇති අතර එය පෙර දුරකථන මාලාව එනම්, iPhone 13 හී අලෙවිය හා සැසදීමේදී ඊට වඩා අලෙවියක් මෙයින් සිදු වනු ඇතැයිද සමාගම අපේක්ෂා කරනවා.

මේ වන විටත් මෙම smartphone series එකේ අත්හදා බැලීම් නිෂ්පාදනය ආරම්භ කර ඇති බවත් අගෝස්තු මාසයේදී එය විශාල වශයෙන් නිෂ්පාදනය කිරීමටද සමාගම සැලසුම් කරන බවත් නවතම වාර්තා සදහන් කරනවා. පෙර සදහන් කර පරිදි iPhone 14 මාලාවේ මූලික විකුණුම් පසුගිය වසරේ දියත් කරන ලද iPhone 13 පෙළට වඩා වැඩි වනු ඇති බව Apple විසින් සැපයුම්කරුවන් හට තවදුරටත් දන්වා සිටිනවා.

iPhone 14 මාලාව අවශ්‍යතාවයෙන් ජූලි මාසයේ සිට iPhone අලෙවිය අඩු වනවා යැයි පවසන වාර්තා වලට පටහැනිව තවමත් iPhone 13 පෙළගැස්ම සඳහා හොඳ විකුණුම් ඇති බව සමාගම විසින් පවසනවා. කෙසේ නමුත් ගතවන කාලපරිච්චේදයට අනුව සමස්තයක් වශයෙන් සියලුම smartphone සදහා ඇති ඉල්ලුම අවම තත්ත්වයක පැවතුනද Apple විසින් හොද විකුණුම් ප්‍රතිඵල දකිමින් සිටිනවා.

devices  සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාමත්, සැපයුම් වලට ඇති බාධාවන් සහ වෙනත් ආර්ථික හේතු යන සාදක මත පදනම්ව Apple iPhone 14 මාලාව iPhone 13 මාලාව හා සැසදීමේදී 100$ පමණ වැඩි වීමක් සිදු වනු ඇතැයි අප වාර්තා කළා ඔබට ඔබට මතක ඇති. කෙසේවෙතත් නියමිත මිල ගණන් පිළිබද විස්තර නිසැකවම දැන ගැනීම සදහා පාරිභෝගිකයන් හට නිකුත් කරන තුරු තවත් මස කිහිපයක් රැදී සිටීමට සිදුවනු ඇත.

Source: Gizmochina 9to5mac

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara