iPhone 14 series එක iPhone 13 වලට වඩා $100ක් වැඩි වන ලකු​ණු

iPhone 14 series එක iPhone 13 වලට වඩා $100ක් වැඩි වන ලකු​ණු

සාමාන්‍යයෙන් Apple සමාගම විසින් ඔවුන්ගේ නව iPhone Series එක එළිදැක්විම සිදු කරන්නේ සැම වසරකම සැප්තැම්බර් මාසයේදී වෙන අතර එය සෑම වසරකම ඔවුන් නිකුත් කරන ඔවුන්ගේ මිල අධිකම iPhone Series එකත් වෙනවා.

ඒ අනුව Apple සමාගම විසින් පසුගිය වසරේදී ඔවුන්ගේ නවතම iPhone Series එක වු iPhone 13 Series එක ඩොලර් 799ක ආරම්භක මිලක සිට ඉහළට වු මිල ගණන්වලට එළිදැක්විම සිදු කරනු ලැබුවා. දැනට වාර්තා වෙන තොරතුරුවලට අනුව මේ වසර නිකුත් විමට නියමිතව තිබෙන iPhone 14 Series එක පෙර නිකුත් වු iPhone 13 Series එකට වඩා ඩොලර් 100ක පමණ මිලකින් මිල ඉහළ යා හැකි බව දක්වන්න පුලුවන්.

පසුගිය පසුගිය වසර නිකුත් වු iPhone 13 Smart Phone එක ඩොලර් 799ක මිලකට නිකුත් වු අතර iPhone 13 Pro සහ iPhone 13 Pro Max Smart Phones ඩොලර් 999ක සහ ඩොපර් 1099ක මිලට වෙළෙඳපොළට නිකුත් වුවා. ඒ අනුව මේ වසර සැප්තැම්බර් මාසයේදී පමණ නිකුත් විමට නියමිත iPhone 14 Series එකේ Base Model එක වෙන iPhone 14 Smart Phone එක ඩොලර් 899ක මිලකටත්, අනෙක් Devices ඩොලර් 100ක පමණ මිල වැඩි විමකටත් අදාලව වෙළෙඳපොළට නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

කෙසේ වෙතත් මේ පිළිබඳ තවමත් Apple සමාගම විසින් කිසිදු නිල තොරතුරක් හෙළි කර නොමැති අතර මේ පිළිබඳ නිල තොරතුරු දැන ගැනිමට මිලග මාසයේදී සිදු විමට නියමිත මේ නව Series එක එළිදැක්වෙන තුරැ අපට බලා සිටිමට සිදු වෙනු ඇත.

Sources: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara