iPhone 14 මාදිලිය සඳහා notch එකක් වෙනුවට නව හැඩයකින් යුතු punch hole එකක් යෙදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

iPhone 14 මාදිලිය සඳහා notch එකක් වෙනුවට නව හැඩයකින් යුතු punch hole එකක් යෙදීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

Apple සමාගම විසින් මේ වසරේදි නිකුත් කිරිමට නියමිත iPhone 14 Series එක පිළිබඳ මේ වෙන විට විවිධ නිල නොවන තොරතුරු අන්තර්ජාල තුල හුවමාරු වෙමින් පවතින අතර iPhone 14 Series එකත් සමග iPhone එකෙන් Notch එක හා Physical SIM Slot එක ඉවත් කිරිමට Apple සමාගම විසින් කටයුතු කරනු ඇති බවට තොරතුරු අපි ඔබ වෙත ගෙන ආවා.

iPhone 14 Series එක පිළිබඳ වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව මේ Series එකේ Notch එක Pill Shaped Cutout එකකින් Replace වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව මේ Pill Shaped Cutout එක තුල Face ID සදහා අවශ්‍ය Sensors හා Front Facing Camera එකත් අඩංගු වෙනු ඇත.

ඒ වගේම මිට පෙර iPhone 14 Pro හා iPhone 14 Pro Max Devices Hole Punch Display එකකින් යුතුව නිකුත් වෙනු ඇති බවටත් තොරතුරු අපි ඔබ වෙත ගෙන ආවා. ඒ තොරතුරුත් සමග බොහෝ විට මෙලෙස වාර්තා වෙන Pill Shaped Cutout එකකින් Notch එක Replace වේ යැයි යන්න පිළිබඳ යම් තරමක් දුරට විශ්වාස කළ හැකි වෙනවා.

කෙසේ වෙතත් මේ වෙන විට මෙලෙස iPhone 14 Series එක පිළිබඳ වාර්තා වෙන තොරතුරු කිසිවක් නිල වශයෙන් වාර්තා වෙන තොරතුරු නොවන අතර මේ තොරතුරු සියල්ල විවිධ ආකාරයෙන් අන්තර්ජාලය තුල වාර්තා වෙන තොරතුරු බව කිව යුතුයි.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara