2023 වර්ෂයේදී iPhones වලින් සිම් කාඩ් පත් ඉවත් වනු ඇතැයි තොරතුරු වාර්තා ​වේ

2023 වර්ෂයේදී iPhones වලින් සිම් කාඩ් පත් ඉවත් වනු ඇතැයි තොරතුරු වාර්තා ​වේ

Apple සමාගම විසින් මුල්ම වතාවට iPhone XS සහ XS Max සදහා eSIM සේවාව හදුන්වා දුන් අතර මෙම දුරකථන වල සාමාන්‍ය සිම් කාඩ්පත සමග eSIM භාවිත කිරිමේ හැකියාව ලැබුණා. මෙම eSIM සේවාවන් සැලකීමේදී Dual eSIM සේවාවද මුල් වරට ලොවට හදුන්වා දෙනු ලැබුවේද Apple සමාගමේ iPhone 13 මාදිලි මගිනි.

මේ වන විට Apple සමාගම තවත් එක් නව පියවරක් තැබීමට සූදානම් වන අතර ඉදිරි වසර කිහිපය තුලදී iPhone තුලට සාමාන්‍ය සිම් කාඩ්පත් ඇතුල් කල නොහැකි වන සේ නිර්මාණය කරන බවට තොරතුරු වාර්තා වෙනවා. එනම් eSIM සදහා පමණක් සහය දක්වන ලෙස iPhone 15 මාදිලි වල සිට නිර්මාණය කරන බවට නවතම වාර්තාවක් බ්‍රසීලියානු වෙබ් අඩවියක් මගින් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම වාර්තාවට අනුව 2023 වසරේදී නිකුත් කිරීමට නියමිත Apple iPhone 15 Pro සහ Pro Max මාදිලි සමග මෙලෙස Physical SIM Slot එකක් නොමැතිව වෙළෙඳපොළට නිකුත් කිරිමට සුදානම් බව දක්වන්න පුළුවන්. මෙහිදී eSIM කාඩ්පත් දෙකක් සදහා සහය දක්වන ලෙසට නිර්මාණය කරනු ඇති බව වාර්තාවේ වැඩිදුරටත් සදහන් වෙනවා. කෙසේ වෙතත් මෙය තවමත් Apple සමාගම මගින් තහවුරු කර නැත.

මීට අමතරව 2023 වසරේ සිට Apple සමාගම iPhone තුල පවතින Lightning Port (Charging port) ඉවත් කිරීමට කටයුතු කරන බවටද නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

කෙසේ නමුත් මෙම තොරතුරැ සත්‍ය වන්නේ නම් මෙහි වාසිදායක මෙන්ම අවාසිදායක තත්වද පවතිනවා. වාසිදායක තත්වය නම් ජංගම දුරකථනය මුලුමනින්ම Seal වන අතර එමගින් වඩා ඵලදායී ලෙස Water proof ජංගම දුරකථන නිපදවිය හැකි වෙනවා. අවාසිදායක තත්වය නම් eSIM සහය නොදක්වන ප්‍රදේශ වල පරිශීලකයන්ට මෙම දුරකථනය භාවිතයේදී ගැටලු වලට මුහුණ දීමට සිදු වීමයි.

Source: gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna