Apple සමාගම විසින් ඉන්දියාවේ ප්‍රථම Physical Apple Store එක විවෘත කිරීමට සූදානම් වෙයි

Apple සමාගම විසින් ඉන්දියාවේ ප්‍රථම Physical Apple Store එක විවෘත කිරීමට සූදානම් වෙයි

The Financial Times පුවත්පතේ වාර්තාවකට අනුව Apple සමාගම විසින් ඉන්දියාවේ සිය ප්‍රථම Apple Store එක විවෘත කිරීමට සැරසෙන බව පෙනී යනවා. ඒ සඳහා අවශ්‍ය වන කළමණාකාර ධූරයේ සිට තවත් රැකියාවන් 12ක් සඳහා සේවකයින් බඳවා ගැනීම දැනටමත් ආරම්භ කර තිබෙන බවත් සඳහන් වනවා.

එහි තවදුරටත් දැක්වෙන්නේ මුම්බායි නගරයේ සහ නවදිල්ලියේ විවෘත කිරීමට අපේක්ෂා කරන Apple Stores වෙත අවම වශයෙන් සේවකයින් 5 දෙනෙකු බැගින් වත් යොදා ගනු ඇති බවයි. තවද එම නගර දෙකෙහි වර්ග අඩි 10 000 සිට 12 000ක් දක්වා වූ ප්‍රදේශයක මෙය ඉදි කිරීමට සූදානම් වන අතර ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා ද මෙවැනිම වූ Apple Stores ඉදි කිරීමට සූදානමින් ඇති බව වාර්තා වනවා.

Apple Store via Gizmochina

Apple සමාගම විසින් 2020 වසරේදී ඉන්දියාව වෙත ඔවුන්ගේ Online Store එක හඳුන්වා දීමෙන් පසුව Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Tim Cook විසින් කොටස් හිමියන්ගේ රැස්වීමකදී ඉන්දියාවේ Physical Apple Store එකක් පිළිබඳව ඉඟි පළ කර තිබෙනවා. පසුව 2021 දී ඉන්දියාවේ පළමු Store එක විවෘත කරන බව Tim Cook ප්‍රකාශ කළ අතර, COVID-19 වසංගතය හේතුවෙන් මෙම සැලසුම් ප්‍රමාද විය.

Apple සමාගම සිය වෙළඳාම ඉන්දියාව තුළ ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බැවින්, එමඟින් නිෂ්පාදනයක් රටට ගෙන එයි. Apple විසින් ප්‍රථම වරට 2017 දී ඉන්දියාවේ iPhone නිෂ්පාදනය ආරම්භ කළ අතර ඉන් පසු iPhone 14 හි නිෂ්පාදන කටයුතු ද චීනයේ සිට ඉන්දියාවට මාරු කරන ලදී.

දේශපාලන හේතූන් මත Apple සමාගම චීනයෙන් ඈත් වීමටත්, රළු ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වියදම් කපා හැරීමටත් අපේක්ෂාවෙන් සිටින අතර, ඒ අතර ඉන්දියාව වඩාත් හොඳ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙනවා.

මෙවැනිම තාක්ෂණික ලෝකයේ යාවත්කාලීන වන තොරතුරු පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ අප සමග අඛණ්ඩව රැඳී සිටින්න.

Source: gizmochina.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna