Apple සමාගම ඉන්දියාවේ විවෘත කරන ප්‍රථම online store එක සැප්තැම්බර් 23 විවෘත කිරීමට සූදානම් වේ

Apple සමාගම ඉන්දියාවේ විවෘත කරන ප්‍රථම online store එක සැප්තැම්බර් 23 විවෘත කිරීමට සූදානම් වේ

පළමු වරට Apple නිෂ්පාදන නිල වශයෙන් අන්තර්ජාලය හරහා මිලදි ගැනිමට සැප්තැම්බර් 23 වනදා සිට ඉන්දියානු පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවෙනවා.

මේ පිළිබඳව Apple සමාගමේ නිල වෙබ් අඩවියේ ද දක්වා ඇති අතර Apple සමාගමේ CEO Tim Cook විසින් ඔහුගේ නිල Twitter ගිණුමේ ද මේ බව සදහන් කර තිබෙනවා.

Apple සමාගම පවසන්නේ Indian Online Apple Store එක මගින් Apple සමාගමේ සම්පූර්ණ නිෂ්පාදන මෙන්ම ඒ නිෂ්පාදන සදහා අවශ්‍ය සහයත් ලබා දෙන්න බලාපොරොත්තු වෙන බවයි. ඒ වගේම පසුගිය දිනක හදුන්වා දුන් Apple Watch Series 6 & Watch SE , New Ipad Air හා 8th-Gen Ipad වගේම පසුගිය Product මේ Online Store එක හරහා මිලදි ගැනිමේ හැකියාව පවතිනවා.

මේ සමග Apple සමාගමේ ඉන්දියානු වෙළදපොල පුළුුල් විමක් සිදු වන අතර පසුගිය වසරවලදි සමහර Apple Devices ඉන්දියාව තුල නිපදවු අතර මේ වසර මුලදි ඔවුන් ඉන්දියාව තුල Iphone 11 හා Iphone SE2 නිෂ්පාදනයත් ආරම්භ කරනු ලැබුවා. ඒ වගේම ඔබට මතක ඇති අපි Iphone 12 එකත් ඉන්දියාවේ නිෂ්පාදනය කරන්න සුදානම් වෙන බවට ලිපියක් ගෙන ආවා.

Source : The Verge , Apple

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna