නැවත වරක් OnePlus Nord මාදිලියේ ජංගම දුරකතනයක් පුපුරා යෑමක් වාර්තා ​වේ

නැවත වරක් OnePlus Nord මාදිලියේ ජංගම දුරකතනයක් පුපුරා යෑමක් වාර්තා ​වේ

OnePlus සමාගම විසින් ඔවුන්ගේ Midrange Series එකක් ලෙස OnePlus Nord Series එක වෙළෙඳපොළට නිකුත් කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ Series එක යටතේ නිකුත් වු විවිධ Devicesවල තිබු විවිධ ගැටලු මෙන්ම පුපුරායාම් ද පසුගිය කාලය පුරාවටම වාර්තා වුවා.

Android වැඩකාරයෝ අපි සමග සිටින ඔපට මතක ඇති පසුගිය වසර තුල OnePlus Nord 2 ජංගම දුරකථන දෙකක් පුපුරා යාමේ සිද්ධින් දෙකක් පිළිබඳ අපි ඔබ වෙත තොරතුරු ලෙන ආවා. නව වසර ආරම්භයත් සමග OnePlus Nord Series එකේම OnePlus Nord CE ජංගම දුරකථනයක් පුපුරා යාමේ සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

Dushyant Goswami නම් පුද්ගලයෙකු මේ සිදුවිමට මුහුණ දි තිබෙන අතර ඔහුගේ Nord CE ජංගම දුරකථන සාක්කුවෙන් ඉවතට ගන්නා විට පුපුරා ගොස් තිබෙන අතර එහි ඉදිරිපස හා පසුපස මෙන්ම Display, Battery හා Camera ආදියත් සම්පූර්ණයෙන්ම විනාශ වි තිබෙනවා.

ඔහු විසින් මේ පිළිබඳ Twitter සටහනක් පළ කර තිබෙන අතර එහි දක්වා ඇති ආකාරයට මාස 06කට පමණ පෙර ඔහු විසින් එය මිලදි ගෙන තිබෙනවා. මේ වෙන විට OnePlus සමාගම විසින් ඔහුට ප්‍රතිචාර දක්වා තිබෙන අතර නව Device එකක් ලබා දෙන බවටත් දන්වා තිබෙනවා. කෙසේ වෙතත් තවමත් මේ සිදුවිම පිළිබඳ OnePlus සමාගම විසින් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති වෙනවා.

Source: Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna