Android Auto පහසුකම සඳහා Split Screen Mode එක ලබා දීමට Google සමාගම කටයුතු කරයි

Android Auto පහසුකම සඳහා Split Screen Mode එක ලබා දීමට Google සමාගම කටයුතු කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ Android Auto පහසුකම සදහා නව විශේෂාංග කිහිපයක් එක්කරයි. custom wallpapers, voice-activated games, launch screen shortcuts සහ අද අප මෙම ලිපියයෙන් විග්‍රහ කරන split-screen mode විශේෂාංය යන ආදිය ඒවායින් කිහිපයකි.

මෙම විශේෂාංග දැනටමත් සමහර Android Auto භාවිතාකරන්නන්ට අත්විදීමේ හැකියාව පවතිනවා. නමුත් split-screen mode එක නම් සහය දක්වන්නේ wide screen අඩංගු වෙන Head Units වලට පමණයි.

Reddit User කෙනෙක් වන u/My_Name_Is_Taken විසින් ඔවුගේ Reddit ගිණුමේ මේ පිළිබදව screen shot එකක් පලකර තිබුණේ මේ ආකාරයෙනි.

ඔහු දක්වා ඇත්තෙ ඔහු Android Auto භාවිතා කරන්නේ Samsung S10 දුරකථනයක් හා 2021 Mazda 3 රථයක බවයි. එම screen shot එක අනුව ඔහු Google Maps සහ Spotify යන සේවා දෙකම එකවර screen එක තුළ දර්ශනය වෙමින් භාවිතා ආකාරයයි.

මෙය wide screens වල පමණක් භාවිතා කිරීමට අවස්ථාව සැලසී තිබුණද HeadUnit Reloaded වැනි app එකක් භාවිතයෙන් resolution එක වෙනස් කරගැනීම තුළින් wide screen නැති Android Auto Head Unit එකක් තුළද මෙම විශේෂාංගය අත්විදීමට හැකිවක් පවතින බව Reddit User කෙනෙක් වන u/kv1dr විසින් ඔහුගේ Reddit ගිණුමෙන් සදහන් කර ඇත.

Source: XDA Developers

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna