මෙරට තුළ පවතින සියලු අසභ්‍ය දර්ශන රැගත් වෙබ් අඩවි තහනම් කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි

මෙරට තුළ පවතින සියලු අසභ්‍ය දර්ශන රැගත් වෙබ් අඩවි තහනම් කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි

ඔබට මතක ඇති පසුගිය දිනක සිදු වු සිදුවිමක් නිසා පාසල් ආරම්භ කරන තුරැ හෝ අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩිවි වෙත ළමුන් පිවිසිම වැලැක්වීම සදහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට අධිකරණ විසින් නියෝග කරනු ලැබුවා.

මේ දිනවල පවතින Covid වසංගත තත්වයත් සමග පාසල් වසාදමා ඇති බැවින් ළමුන් නිවසේ සිට තම අධ්‍යාපන කටයුතු  අන්තර්ජාලය හරහා සිදුවෙන බැවින් ඔවුන්ට ඉතා පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි වෙත පිවිසිමේ හැකියාව පවතිනවා. දෙමාපියන් ද ඔවුන්ගේ වැඩ කටයුතු සමග නිරන්තර අවධානයෙන් සිටිමට අපහසු බැවින් ළමුන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි සදහා පිවිසිමේ හැකියාව තිබෙන බවත් එහිදී පෙන්වා දුන්නා.

එබැවින් පාසල් ආරම්භ කරන තුරැ හෝ ළමුන් අසභ්‍ය වෙබ් අඩවි වෙත පිවිසිම අවහිර කිරිමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ට පවසා තිබුණා.

ඒත් සමග ඊයේ (29) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත නියෝග කර තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩිවි තහනම් කිරිමට පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව ඇය විසින් වැඩිදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත නි⁣යෝග කර ඇත්තේ මෙවැනි අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩිවිවල නාමයන් ලියාපදිංචි කිරිම, ගෙවිම් කිරිම හා ඒවාට අදාල වෙනත් සේවාවලට අදලා තොරතුරු සහිත වාර්තාවක් ද අධිකරණ ඉදිරිපත් කරන ලෙසයි.

Source : Colombo Times

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna