පාසල් ආරම්භ කරන තුරු හෝ අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩවි අවහිර කරන්නැයි අධිකරණයෙන් දැනුම්දීමක්

පාසල් ආරම්භ කරන තුරු හෝ අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩවි අවහිර කරන්නැයි අධිකරණයෙන් දැනුම්දීමක්

පසුගිය දිනක බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධියක් වාර්තා වු අතර ඉට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විසින් ළමයින් අසභ්‍ය වෙබ් අඩවි වෙත පිවිසිම වැලැක්වීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පවසා තිබෙනවා.

මේ දිනවල පවතින Covid වසංගත තත්වයත් සමග පාසල් වසාදමා ඇති බැවින් ළමුන් නිවසේ සිට තම අධ්‍යාපන කටයුතු  අන්තර්ජාලය හරහා සිදුවෙන බැවින් ඔවුන්ට ඉතා පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි වෙත පිවිසිමේ හැකියාව පවතිනවා. දෙමාපියන් ද ඔවුන්ගේ වැඩ කටයුතු සමග නිරන්තර අවධානයෙන් සිටිමට අපහසු බැවින් ළමුන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි සදහා පිවිසිමේ හැකියාව තිබෙන බවත් ඇය විසින් වැඩි දුරටත් පෙන්වා දි තිබෙනවා.

එබැවින් පාසල් ආරම්භ කරන තුරැ හෝ ළමුන් අසභ්‍ය වෙබ් අඩවි වෙත පිවිසිම අවහිර කිරිමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ට පවසා තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ළමා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කර තිබුණේ මේ ගැටලුව පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙලක් ඉක්මනින් සැකසිමට ක්‍රියාමාර්ගය ගනු ලබන බවයි.

මෙවැනි වෙබ් අඩවිවලට ළමුන් පිවිසිම වැළැක්වීම සදහා මේ වෙන විට විවිධ Software පවතින අතර නිවසේ අන්තර්ජාල භාවිතය කුමන ආකාරයෙන් සිදු වි පවතිද යන්නත් මේ වෙන විට දුරකථන සේවා සපයන ආයතනය මගින් ඉතා පහසුවෙන් ලබා ගත හැකි වෙනවා. මේ පහසුකම බොහෝ දුරකථන සේවා සපයන ආයතනය විසින් පාරිභෝගිකයාට ලබා දෙන Apps වල පවතිනවා.

ඒ වගේම ඔබගේ Web Browser එක මගින් අනවශ්‍ය වෙබ්අඩවිය (18+) වෙත පිවිසිම වැළැක්වීමට පහත ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න පුලුවන්.

  • පළමු ඔබගේ Web Browser එකෙන් www.google.com වෙත පිවිසෙන්න.
  • එහි පහල තිබෙන Settings වෙත ගොස් Settingsහි Search Settings තුලට යන්න.
  • Search Settingsහි පවතින Safe Search Filters කියන Option එක On කර ගන්න. Mobile Web Browser වලදි මේ සදහා Safe Search Filters හි ඇති Hide Explicit Results යන්න තේරිය යුතු වෙනවා.
  • ඉන් පසු Save දෙන්න.

මේ Safe Search Filters Option එක On කල පසු කිසිදු අනවශ්‍ය (18+) වෙබ් අඩවියක් වෙත පිවිසිමට ඔබගේ Web Browser එක ඔබට ඉඩ ලබා දෙන්නේ නැත.

Source : Ada derana

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna