5G ජාලය 2023දී ශ්‍රී ලංකාව තුල වානිජමය වශයෙන් දියත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව TRCSL විසින් දැනුම් ​දේ

5G ජාලය 2023දී ශ්‍රී ලංකාව තුල වානිජමය වශයෙන් දියත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව TRCSL විසින් දැනුම් ​දේ

පසුගිය දශක කිහිපය තුළදී අප සියල්ලන්ම තාක්ෂණික වශයෙන් වැදගත් සංධිස්ථාන කීපයක්ම පසුකරා කියන්න පුලුවන්. ඒ ගැන කතාකරන කොට අපිට අපේ Internet Connection එකේ speed එක සඳහා විශාල ලෙස බලපෑම් කරන තාක්‍ෂණයන් වුණු 1G, 2G 3G, 4G, 4G LTE වගේ ඒ ඒ කාලයේදී නිතරම අහන්න දකින්න ලැබුණු දේවල්, නැත්නම් යුග (Generations) අමතක කරන්නම බැහැ. ඔය අතරින් දැනට ලෝකයේ ප්‍රචලිතව තියෙන්නේ 4G LTE, එහෙමත් නැත්නම් 4G තාක්‍ෂණය තවත් දියණු කර නිර්මාණය කෙරුණු 4G වල Long Term Evolution version එක.

ඊට පස්සේ ආපු 5G තාක්ෂණය 4G වලට වඩා ගොඩාක් වේගවත්. මේක දැන් බොහෝ කාලෙක ඉඳන් ලංකාවේ පරීක්ෂණ කටයුතු Dialog, Mobitel, Hutch සහ Airtel ආයතන වලින් සිදු කරගෙන යනවා කියලා ඔයාලා දැනටමත් දන්නවා.

මේ අතර තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින විදාතා තාක්ෂණික මධ්‍යස්ථාන නැවතත් වර්තමානයට ගැලපෙන පරිදි සක්‍රීය කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

එමෙන්ම Dialog, SLT-MOBITEL, Hutch සහ Airtel වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන අන්තර්ජාල සේවා සපයන්නන් විසින් මේ වන විටත් ආරම්භ කර තිබෙන 5G Trail Network එක ලබන වසරේදී වාණිජමය වශයෙන් ව්‍යාප්ත කිරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවත් විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව (TRCSL) දක්වා තිබෙනවා.

ඒ අනුව 2023 සිට 5G තාක්ෂණයට අදාළ වාණිජමය කටයුතු ආරම්භ කිරීමට ඒ ඒ අන්තර්ජාල සේවා සපයන සමාගම් සදහා හැකි වන බවයි විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් වැඩි දුරටත් පවසා තිබෙන්නේ.

දැනටමත් 5G තාක්‍ෂණය ප්‍රචලිත වුණු ලෝකයක ජීවත් වන අපට මේ ඔස්සේ ශ්‍රී ලංකාවේ සිටම සුපිරි අන්තර්ජාල අත්දැකීමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source: NewsFirst.lk

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna