ශ්‍රී ලංකාව තුල 5G ජාලය දියත් කිරීම වසරකි​න් කල්යනු ඇතැයි වාර්තා ​වේ; පවතින අන්තර්ජාල සේ​වා වැඩිදියුණු කිරීමේ සූදානම​ක්

ශ්‍රී ලංකාව තුල 5G ජාලය දියත් කිරීම වසරකි​න් කල්යනු ඇතැයි වාර්තා ​වේ; පවතින අන්තර්ජාල සේ​වා වැඩිදියුණු කිරීමේ සූදානම​ක්

ඔබට මතක ඇති පසුගිය වසරේදී අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා මේ වසරේදී (2023) 5G ජාලය වාණිජමය ලෙස දියත් කිරිමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ එම සේවා සපයන සමාගම් සුදානමින් සිටින බව. නමුත් COVID-19 වසංගතයෙන් පසුව ඇති වූ ගැටළු සහ වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ 5G ජාලය යෙදවීම අවම වශයෙන් තවත් වසරකින් ප්‍රමාද වනු ඇති බවට තොරතුරු පළ වනවා.

Hutchison Telecom Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා පවසන්නේ 5G ජාලය යෙදවීමට 4G ජාලය යෙදවීමට වැය වූ මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මුදලක් වැය වන බවයි.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව තුළ 5G ජාලය පිහිටුවීම ඊළඟ වසරට ප්‍රමාද කළත් ඒ වන විටත් එය ඉක්මන් වැඩි බවක් ය. මන්දයත් රට තුළ Smartphone භාවිතය ආසන්නව 50% ක් පමණ වන අතර ජනගහනයෙන් අඩකට පමණක් 3G දුරකථනයක් වත් නොමැති නිසායි.

Smartphone Usage in Sri Lanka via LIRNEasia

5G ජංගම දුරකථන අතිශයින් සීමිත සහ මිල අධික බැවින්, 5G ජංගම දුරකථනයක් සහ සේවාවන් භාවිතා කිරීමට හැකි පුද්ගලයින්ගේ ගණනද ඉතා සීමිත වනවා. මිනිසුන්ට මූලික Broadband සම්බන්ධතාවයන් හොඳින් භාවිතා කිරීම සඳහා Broadband සම්බන්ධතාව පුළුල් කිරීමට පියවර ගැනීම මෙයට වඩා හොඳ වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Source: sundaytimes.lk

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara