නිර්මාණය කර අවසන් කලත් ක්‍රියාත්මක නොකල ඔස්ට්‍රියාවේ ස්වෙන්ටන්ඩෝර්ෆ් න්‍යෂ්ටික බලාගාරය (Zwentendorf Nuclear Power Plant)

නිර්මාණය කර අවසන් කලත් ක්‍රියාත්මක නොකල ඔස්ට්‍රියාවේ ස්වෙන්ටන්ඩෝර්ෆ් න්‍යෂ්ටික බලාගාරය (Zwentendorf Nuclear Power Plant)

න්‍යෂ්ටික සහ පරමාණුක ශක්තිය පිළිබඳව වන අන්තර්ජාතික ආයතනය වන අන්තර්ජාතික පරමාණුක ශක්ති නියෝජිතායතනය (IAEA) පිහිටා තිබෙන්නේ ඔස්ට්‍රියාවේ වියානා අගනුවර වන නමුත්, කුමක්දෝ විරුද්ධාභාෂයක් මෙන් ඔස්ට්‍රියාව සම්පූර්ණයෙන් න්‍යෂ්ටික බල විරෝධී රටකි.

ලෝකයේ ඇති එකම සම්පූර්ණයෙන් ඉදිකරන ලද, එහෙත් ක්‍රියාත්මක නොකළ න්‍යෂ්ටික බලාගාරය පිහිටා ඇත්තේ ඔස්ට්‍රියාව ස්වෙන්ටන්ඩෝර්ෆ් හි වෙනවා. මෙගාවොට් 700ක විදුලි ජවයක් ජනනය කිරීම සඳහා 1972 දී මේ න්‍යෂ්ටික බලාගාරයේ වැඩ ඇරඹෙන විට ඔස්ට්‍රියානු ජනතාව අතර න්‍යෂ්ටික බලය සඳහා තිබූයේ සුභවාදී ආකල්පයක් වෙනවා. ජර්මානු තාක්ෂණය අනුව මේ බලාගාරයේ ඉදි කිරිම් සිදු වෙන අතර ඔස්ට්‍රියාවේ සිදුවෙන දේශපාලන බල පෙරලියක් සමග න්‍යෂ්ටික බල විරෝධී මතයක් ද සමාජ ගත වීම සිදු වෙනවා.

ස්වෙන්ටන්ඩෝර්ෆ් න්‍යෂ්ටික බලාගාරය (www.wikipedia.org)

ඒ අනුව 1978 දී රජය විසින් බලාගාරය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විමට කටයුතු කරන අතර ඉන් 0.5%කින් පමණ වැඩි ඡන්දයෙන් තීරණය වෙන්නේ බලාගාරය ක්‍රියාත්මක නොකළ යුතු බවයි. මේ ජනමත විචාරණයන් ලැබුණ ප්‍රතිඵලය නිසා ඉදිකිරීම් සියල්ල නිම වි තිබුණ ස්වෙන්ටන්ඩෝර්ෆ් න්‍යෂ්ටික බලාගාරය අත්හැර දැමීමට තීරණය කරනවා. න්‍යෂ්ටික බලාගාරය අවට වූ ප්‍රදේශ සියල්ලම බලාගාරය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ධනාත්මක ආකල්පයක් දක්වන විට, ඔස්ට්‍රියාවේ ඈත ගම්බද ජනතාව බහුතරයක් ඊට විරෝධතාවයක් දක්වා තිබීම එක්තරා විශේෂ කරුණක් ලෙස පෙන්වා දෙන්න පුලුවන්.

බලාගාරයේ පාලන කාමරය (www.tripadvisor.at)

පසුව, බලාගාරයේ ඇතැම් වටිනා කොටස් සහ ඉන්ධන, ජර්මනියේ ක්‍රියාත්මක වන එම වර්ගයේ බලාගාර වෙත විකුණා දැමා බලාගාරය සම්පුර්ණයෙන්ම අතහැර දමනවා. වර්තමානය වෙන විට ඉතා ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් වී ඇති ස්වෙන්ටන්ඩෝර්ෆ් බලාගාරය එක්තරා යුගයක ඔස්ට්‍රියානු ජනතාවගේ බලාපොරොත්තු පිළිබඳව විශේෂ කියැවීමක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්.

බලාගාරයේ ඉන්ධන රහිත ප්‍රතික්‍රියාකාරක කුටීරය (www.nonument.org)

ඔස්ට්‍රියාවේ විදුලි උත්පාදනය වර්තමානය වෙන විට බහුතර වශයෙන් තෙල්, ගෑස් සහ ගල් අඟුරු මත පදනම් වෙනවා. කෙසේ වෙතත් සිය බලශක්ති අවශ්‍යතාවයේ අඩුව පුරවාගැනීමට ඔස්ට්‍රියාවට සිදුවී ඇත්තේ චෙක් ජනරජයෙන් විදුලිය ආනයනය කිරිමටයි. චෙක් ජනරජය ඉතා ධනාත්මක න්‍යෂ්ටික රාජ්‍යයක් වන අතර, සිය අතිරික්ත බලශක්තිය අපනයනය කිරීම සිදුකරනු ලබනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara