ZTE සමාගම Satellite Connectivity එක සහිත නවතම Axon 50 Ultra Smart Phone එක එළිදක්වයි

ලොව ප්‍රථම Under Display Camera Setup එක සහිත Smart Phone එක හදුන්වා දුන් ZTE සමාහම විසින් ඔවුන්ගේ නව Axon 50 Ultra Smart Phone එකත් සමග Satellite Connectivity එක Smart Phones සදහා ලබා දුන් තෙවන සමාගම බවට පත් වි තිබෙනවා.

ZTE සමාගම Satellite Connectivity එක සහිත නවතම Axon 50 Ultra Smart Phone එක එළිදක්වයි

ZTE කියන්නේ ලොව ප්‍රථම Under Display Camera Setup එක සහිත Smart Phone එක හදුන්වා දුන් Smart Phone Manufacture සමාගම කියලා Android වැඩකාරයෝ අපි සමග රැදි සිටින ඔබ සැම දන්නා බව නිසකයි. මේ Smart Phone Manufacture සමාගම විසින් ඔවුන්ගේ නව Axon 50 Ultra Smart Phone එකත් සමග Satellite Connectivity එක Smart Phones සදහා ලබා දුන් තෙවන සමාගම බවට පත් වි තිබෙනවා.

ඊයේ (අප්‍රේල් 12) නිකුත් කළ මේ Axon 50 Ultra Smart Phone එක editable BeiDou Satellite Communication Messages පහසුකමෙන් යුතු වෙන අතරම මෙය SATCOM Satellite ජාලයේ සහාය සහිත පළමු 5G Smart Phone එකත් වෙනවා. ඔබ දන්නා පරිදි මේ Satellite Connectivity එක ඔස්සේ Smart Phone Userලාට ඔවුන්ගේ පණිවිඩ සහ Location Information සාමාන්‍ය Signal නොමැති පරිසරයක් තුළ වුවද කිසිදු ගැටලුවකින් තොරව හුවමාරුව කර ගත හැකි වෙනවා.

Source: ZTE

මේ ZTE Axon 50 Ultra Device එක Two-way Beidou Satellite Messages සදහා සහාය දක්වන ලබන අතර මෙය ප්‍රථම Dual-system Secure Satellite Messages හුවමාරු කළ හැකි Smart Phone එකත් වෙනවා. ඒ වගේම මේ ඔස්සේ හුවමාරු කරන පණිවිඩ කිසිදු ගැටලුවකින් තොරව Edit කිරිමේ හැකියාවත් ලැබෙනවා.

මුලින්ම Huawei Mate 50 Series එක සමග හදුන්වා දුන් මේ Satellite Connectivity පහසුකම පසුව Apple iPhone සදහාත් ලබා දෙනු ලැබුවා. කෙසේ වෙතත් Galaxy 23 හදුන්වා දීමට පෙර එම Smart Phone Series එක සදහාත් Satellite Connectivity එක ලබා දෙනු ඇතැයි සදහන් වුවද Samsung සමාගම විසින් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් ප්‍රකාශයට පත් නොකළ අතර එම Galaxy S23 Series එක සදහා Satellite Connectivity පහසුකම අහිමි වි තිබෙනවා.

මේ වෙන විට Satellite Connectivity පහසුකම ලැබි තිබෙන Huawei Mate 50 Series එක සදහා Satellite Connectivity පහසුකම
චීනයේ Beidou Satellite ජාලය මගින් සපයන අතර Apple iPhones සදහා එම සහාය සපයන්නේ Globalstar Satellite ජාලය යි.

Sources: Gizmochina ZTE

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara