Axon 30 5G දුරකතනය සඳහා 120Hz display එකක් සහ second-gen under-display කැමරාවක් යොදාගන්න බව ZTE තහවුරු කරයි

Axon 30 5G දුරකතනය සඳහා 120Hz display එකක් සහ second-gen under-display කැමරාවක් යොදාගන්න බව ZTE තහවුරු කරයි

ZTE සමාගම විසින් පසුගිය වසරේදි ලොව ප්‍රථතම Under Display Camera Setup එකක් සහිත ZTE Axon 20 5G Smart Phone එක නිකුත් කිරිම සිදු කරනු ලැබුවා. මේ වෙන විට ZTE සමාගම විසින් 2nd Gen Under Display Camera Setup එකක් සහිත ඔවුන්ගේ මිලග Smart Phone එක වෙන ZTE Axon 30 5G Smart Phone එක පිළිබඳව මේ වෙන විට කටයුතු කරමින් ඉන්නවා.

මේ 2nd Gen Under Display Camera Technology එක සදහා ZTE සමාගම විසින් මුලික වශයෙන් Under Display 3D Structured Light Technology එක යොදා ගනු ලබන අතර Under Display Camera Setup එක සහිත ප්‍රදේශයේ Pixel ප්‍රමාණය 400 ppi දක්වා වැඩි කිරිමටත් නියමිතයි. මේ මගින් එම ස්ථානයේ Camera Setup එකක් අඩංගු කර තිබෙන බවට හදුනා ගැනිම ZTE Axon 20 5G Device එකට වඩා අපහසු වෙනු ඇත.

ඒ වගේම මේ Smart Phone එක සදහා 120Hz Display Refresh එකක් සහිත 1080p Display එකක් ලබා දෙනු ඇති බවටත් තොරතුරු පල වෙනවා.

දැනට තිබෙන නිල නොවන තොරතුරුවලට අනුව මේ 2nd Gen Under Display Camera Technology එක සහිත ZTE Axon 30 5G Smart Phone එක මේ මස 22 වෙනිදා නිකුත් කරනු ඇති බවත් දක්වන්න පුලුවන්. කෙසේ වෙතත් බොහෝ විට ඉදිරි දින කිහිපය තුල ZTE සමාගම විසින් මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරනු ඇත.

Source : Gsm Arena

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna