Apple Vision Pro සඳහා භාවිතා කළ හැකි අමතර කාච යුගලයක මිල $300ක් පමණ වන ලකුණු

Bloomberg හි වාර්තා කරැවෙකු වන Mark Gurman විසින් සඳහන් කර සිටින්නේ මෙලෙස සවි කිරීමට ඇති කාචයන්හි මිල ඩොලර් 300 සිට ඩොලර් 600 අතර විය හැකි බවයි.

Apple Vision Pro සඳහා භාවිතා කළ හැකි අමතර කාච යුගලයක මිල $300ක් පමණ වන ලකුණු

මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වෙන Apple සමාගමේ Vision Pro AR/VR Headset එක පිළිබඳ අප මීට පෙරත් ඔබ වෙත තොරතුරු ගෙන එනු ලැබුවා. ඒ ඔස්සේ උපැස් යුවලයන් ද පළදින අයට පවා මෙය භාවිත කළ හැකි අයුරින් මේ සඳහා වෙනම කාච සවි කිරිමේ හැකියාවත් තිබෙන බව එහිදි සඳහන් කරනු ලැබුවා.

තාක්ෂණි​ක ලොව උඩු යටිකුරු කරමින් Vision Pro නම් mixed reality headset එකක් එලි දැක්වීමට Apple සමාගම කටයුතු කර​යි
Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙසින් Apple Vision Pro නම් නව Augmented Reality මත ධාවනය වන mixed reality headset එකක් එලිදැක්වීම සිදු කරනු ලැබුවා.

Bloomberg හි වාර්තා කරැවෙකු වන Mark Gurman විසින් සඳහන් කර සිටින්නේ මෙලෙස සවි කිරීමට ඇති කාචයන්හි මිල ඩොලර් 300 සිට ඩොලර් 600 අතර විය හැකි බවයි.

කෙසේ වෙතත් ඩොලර් 3,500ක් පමණ මිලකට මේ Vision Pro Headset එක මිලට ගන්නා අයෙකුට ඔහුට අවශ්‍ය කාච සඳහා ද මෙවැනි මුදලක් ගෙවිම සාමාන්‍ය දෙයක් වනු ඇත.

ඒ වගේම Zeiss සමාගම විසින් දැනටමත් VR Headset සඳහා Add On lenses (කාචයන්) නිපදවා තිබෙන බැවින් මොවුන් ඉදිරි දින කිහිපය ඇතුළතම මේ Apple Vision Pro Headset එක සඳහාත් කාචයන් හඳුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. එහි මිල ගණනුත් බොහෝ විට ඉහත සඳහන් කර පරිදි වෙනු ඇති තව දුරටත් දක්වන්න පුලුවන්.

Source: gsmarena.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna