YouTube විසින් ජූනි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නව Terms & Conditions ත්‍රිත්වයක් හඳුන්වාදේ

YouTube විසින් මහජනතාව සඳහා නිල නොවන වශයෙන් සඳහන් කර තිබුණත් මේ පිලිබඳව සියලුම Contain Creator ලට මැයි මසදී දැනුම් දෙනු ලැබුවා.

YouTube විසින් ජූනි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නව Terms & Conditions ත්‍රිත්වයක් හඳුන්වාදේ

මෙම මස 21 වන දා YouTube ආයතනය තම Terms And Service වෙනස් කරනු ලැබුවා. විශේෂ වශයෙන් ශ්‍රීලංකාව, ඉංදියාව ඇතුලු ආසියාතික රටවල් වලට මම කොන්දේසිය විශේෂයෙන් බලපැවැත්වෙන බවයි සඳහන් වන්නේ. මෙම වෙනස්කම් ජූනි පළමුවන දින සිට බලපැවැත්වෙනු ඇත.

ඒ අනුව YouTube Contain Creators ලට email මගින් මේ පිලිබඳව දැනුම් දීමට YouTube ආයතනය කටයුතු කර තිබුණා.

එලෙස Update වූ කොන්දේසි මෙසේයි.

  1. තම YouTube Channelය තුල කිසියම් පුද්ගලයෙකු පිළිබඳව පවසනවානම් ඒ පිලිබඳව අදාල පුද්ගලයාගේ අවසරය තිබිය යුතුයි. ඒ අනුව, YouTube තුල යම් පුද්ගලයෙකුගේ නම්, ලිපින ආදී සංවේදී දත්ත විශේෂයෙන් සඳහන් කරනවානම් එම පුද්ගලයාගේ පූර්ණ අනුදැනුම අතවශ්‍ය වේ.
  2. ඔබේ  YouTube Channelය YouTube Partnership Program හා සම්බන්ධව නොතිබුණත්, Subscribe 1000 හා Watch time පැය 4000 නොතිබුණත් ඔබේ YouTube Channel යේ Ads හෙවත් වෙළඳ දැන්වීම් පළවිය හැකි ය.

    මෙහිදී ඔබ Partnership Program හා සම්බන්ධ නැතිනම් මෙම මුදල් ඔබට නොලැබෙන අතර ඔබ Partnership Program හා සම්බන්ධ නම් සුපුරුදු පරිදි 55% ක මුදල ඔබට ලැබේ.
  3. ඔබේ YouTube Channelය YouTube Partnership Program හා සම්බන්ධනම් මෙම මාසය ඇතුලත අනිවාර්යයෙන් YouTube New Tax Update Form පිරවිය යුතුය. එසේ නොවේනම්, ඔබේ වීඩියෝ වලින් යම් ප්‍රතිශතයක් YouTube විසින් අයකරගන්නා බව සඳහන් කරයි.

ඔබත් YouTube Contain Creator කෙනෙක්  නම් මේ පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් වන අතරම, අනෙක් අයත් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වඩා වැදගත් බව අප සිහිපත් කරනවා.

Sources: YouTube, The Drum

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna