TikTok වලට සමාන "YouTube Shorts" විශේෂාංගය YouTubeහි beta version එකක් සමඟ එක්සත් ජනපදය සඳහා ලබා දීමට කටයුතු කරයි

TikTok වලට සමාන "YouTube Shorts" විශේෂාංගය YouTubeහි beta version එකක් සමඟ එක්සත් ජනපදය සඳහා ලබා දීමට කටයුතු කරයි

සමාජ මාධ්‍ය සංකල්පය තුළ දැවැන්ත රැල්ලක් ඇති කිරීමට TikTok නැමති වීඩියෝ බෙදාගැනීමේ සමාජ ජාල සේවාව සමත් වී තිබෙනවා. දැනට මෙම සේවාවේ android යෙදුම බිලියනයකට වඩා අදික පරිශීලකයන් පිරිසක් විසින් ලබා ගෙන තිබෙනවා. Facebook වැනි සමාගම් මෙම TikTok සදහා Instagram Reels වැනි තමන්ගේම විකල්පයන් ඉදිරිපත් කර තිබුනත් තවමත් අංක එකේ කිරුල දරා සිටීමට TikTok සමාජ ජාල සේවාව සමත් වී තිබෙනවා.

මෙසේ TikTok සදහා තවත් විකල්පයක් ලෙස YouTube සමාගම විසින් "YouTube Shorts" නැමති විශේෂාංගයක් එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා. මෙම විශේෂාංගය ගැන පසුගිය වසරේ YouTube සමාගම විසින් නිවේදනය කරනු ලැබූ අතර මේ වන විට එහි beta සංස්කරණය එක්සත් ජනපදයේ පරිශීලකයන් වෙත එළිදක්වා තිබෙනවා.

YouTube Shorts beta in the United States. | Source:XDA

මීට මාස කිහිපයකට පෙර එනම් 2020 සැප්තැම්බර් මාසයේදී, ප්‍රථම වරට මෙම විශේෂාංගය නිවේදනය කළ පසුව පළමු වරට මෙය ඉන්දියාවේදී එළිදක්වනු ලැබුවා. මෙසේ එළිදක්වන විට ඉන්දියාව තුළ TikTok සමාජ ජාල සේවාව තහනම් කර තිබුනා. එම නිසාම මෙම YouTube Shorts නැමති විශේෂාංගය විශාල සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති අතර, YouTube Shorts සදහා සෑම දිනකම බිලියන 3.5 ක දර්ශන ප්‍රමාණයක් ලැබෙන බව පැවසේ.

Beta සංස්කරණයන් තෝරාගත් කිහිප දෙනෙකුට පමණක් ලැබෙන බැවින් google සමාගම විසින් මෙම විශේෂාංගය සෑම දෙනාටම ලබා දෙන්නේ කවදාද යන්න පිළිබඳව නිශ්චිත කාලසටහනක් මෙතෙක් ලබා දී නොමැති නමුත් එය බොහෝ විට ඉක්මණින් සියලු දෙනා හට ලබා දීමට කටයුතු කරනු ඇත.

දැනට මෙම විශේෂාංගය ඔබට ලැබී නොමැති නම් YouTube beta වැඩසටහන හා එකතු වීමෙන් හෝ YouTube beta යෙදුමක් apk ආකාරයට ස්ථාපනය කිරිමෙන් මෙම විශේෂාංගය ඔබට අත්හහ්දා බැලීමට හැක.

Source: XDA

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara