YouTube Premium පරිශීලකයන්ට "Jump Ahead" නමින් AI Feature එකක් හදුන්වාදෙයි

video එක බැලූ පිරිසෙන් වැඩි ප්‍රමාණයක් skip කළ තැන් හා නැවත නැවත බැලූ තැන් කෘතීම බුද්ධිය භාවිතයෙන් Process කර අදාළ වීඩියෝව පරිශීලකයන් නැරබීමට පටන් ගත් තැනට වීඩියෝව ගෙන යාමට සමත් වෙයි.

YouTube Premium පරිශීලකයන්ට "Jump Ahead" නමින් AI Feature එකක් හදුන්වාදෙයි

Google සමාගම ඔවුන්ගේ සෑම සේවාවකටම මෙන්ම AI භාවිත කරමින් සේවාවේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම ආරම්භ කලක් ගතවුවද 2023න් පසුව තරගකාරීත්වය නිසාම තමන්ගේ සේවාවන්ට AI භාවිත කිරීම විශාල ලෙස වැඩිදියුණු වී ඇත.

මාර්තු මාසයේදි Google සමාගම "Jump Ahead" නමින් feature එකක් සුලු පරිශීලකයන් පිරිසක් පමණක් යොදාගනිමින් පරික්ෂා කිරීමකට ලක් කර ඇති අතර, එමගින් video එක බැලූ පිරිසෙන් වැඩි ප්‍රමාණයක් skip කළ තැන් හා නැවත නැවත බැලූ තැන් කෘතීම බුද්ධිය භාවිතයෙන් Process කර අදාළ වීඩියෝව පරිශීලකයන් නැරබීමට පටන් ගත් තැනට වීඩියෝව ගෙන යාමට සමත් වෙයි.

මෙම Feature එක Enable කිරීමට YouTube App එකෙහි Settings වල Try experimental new features වෙත ගොස් Try it out යන්න ලබා දිය යුතුය. Enable කළ පසුව, අප පුරුදු පරිදි fast-forward කිරීම‌ට screen එක double-tap කීරීමේදි දකුණු පස යටින් Jump Ahead නමින් button එකක් pop-up වෙයි. එක click කිරීමෙන් පසුව වැඩි පරිශීලකයන් ප්‍රමාණයක් skip කර ඇති තැන් skip වී අදාළ content එකට ඔබව රැගෙන යයි.


කෙසේ නමුත් මෙය මේ වෙනතෙක් ඉංග්‍රීසී භාෂාවෙන් ඇති content වලට පමණක් සහය දක්වන අතරම ඒවායෙනුත් සෑම Video එකකටම සහය නොදක්වන බවට සදහන් වේ. තවද මෙය YouTube Premium users ලට පමණක් දැනට සහය දක්වන අතර ඉදිරියේදී මෙය වැඩිදියුණු කිරීමක් හෝ සාමාන්‍ය users ලටත් ලබා දීමට Google සමාගම කටයුතු කළහොත් ඒ ගැනත් අප ඔබව දැනුවත් කිරීමට Android වැඩකාරයෝ බලාපොරොත්තු වෙමු.

Source: 9to5google.com sammobile.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna