YouTube Premium සේවාව ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කර​යි, මසකට රුපියල් 629​යි

අද දින​යේ සිට ශ්‍රී ලාංකික YouTube පරිශීලකයන් වෙත YouTube Premium සේවාව අත්විදීමේ හැකියාව ලබා දීමට YouTube විසින් කටයුතු කර තිබෙනවා.

YouTube Premium සේවාව ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කර​යි, මසකට රුපියල් 629​යි

ඔබ මම දිනපතාම වීඩියෝ නැරඹීම සඳහා දිනපතා පිවිසෙන ලොව විශාලතම වීඩියෝ ප්‍රමාණයක් රැගත් එක් සේවාවක් ලෙසින් YouTube හැදින්වීමට හැකියි. ලොව අනෙකුත් Streaming සේවාවන් මෙන්ම YouTube සේවාව විසින්ද Premium membership හදුන්වා දී ඇති බව ඔබ හොදින්ම දන්නා කාරණාවකි.

මෙම YouTube Premium membership හිමි ගිණුම් සඳහා

  • Watch videos without ads
  • Download videos to watch offline
  • Background play
  • YouTube Music Premium
  • Continue watching
  • Modify playback with listening controls
  • Picture-in-Picture (PiP)
  • Queue videos on mobile devices and tablets
  • Change your video quality

යන පහසුකම් සහ තවත් පහසුකම් රැසක් හිමිවනු ඇ​ත.

Use your YouTube Premium benefits - YouTube Help
YouTube Premium is a paid membership that amplifies your experience on YouTube. Learn more about Premium benefits below, or browse Premium membership offerings.Watch videos without ads
YouTube Premium සේවාවේ පහසුකම්

YouTube Premium සේවාව ලොව පුරා රටවල් විශාල ප්‍රමාණයක YouTube පරිශීලකයන්ට අත්විශීමට හැකියාව ලැබුනද, ශ්‍රී ලාංකිකයන්ට නම් ඒ වාසනව අද වන තෙක් නිල වශෙන් හිමිවී තිබුනේ නෑ. එම හේතුව නිසා ශ්‍රී ලාංකිකයන් විවිධ මාර්ගයන් ඔස්සේ YouTube Premium සේවාව අත්විදීමට යුහුසුළු වූයේ එහි ඇති විශේෂාංග සහ පහසුකම් නිසාමයි.

නමුත් ඒ සියල්ල පසෙක ලා අද දින​යේ සිට ශ්‍රී ලාංකික YouTube පරිශීලකයන් වෙත YouTube Premium සේවාව අත්විදීමේ හැකියාව ලබා දීමට YouTube විසින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා වන YouTube Premium සේවාව සඳහා පහත මිල ගණන් ඔවුන් නියම කර තිබෙනවා.

  1. Individual Plan - LKR 629/mo
  2. Family Plan (add up to 5 members) - LKR 1,199/mo
  3. Student Plan - LKR 365/mo
YouTube Premium
With YouTube Premium, enjoy ad-free access, downloads and background play on YouTube and YouTube Music.
YouTube Premium මිල ගණ​න්

මේ සියලුම plan සඳහා ඔබ YouTube Premium වෙත එක්වූ දින සිට මාසයක trail period එකක් හිමිවන අතර එය අවසන් වීමට දින 7කට පෙර ඔබට දැනුම් දීමක් සිදු කරනු ලබනවා.

මේ පුවත ඔබ වෙත ගෙන එන්න කලින්ම මමත් YouTube Premium සේවාව භාවිතා කරන්න පටන් ගත්තා. මේත් සමඟම YouTube music සේවාවත් අත්විදීමේ හැකියව හිමි වනවා.

Sources: YouTube Premium Google Support

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna