YouTube හි 4K Videos නැරඹීම සඳහා Premium Plan ලබාගැනීමට සිදුවන ලකුණු

YouTube හි 4K Videos නැරඹීම සඳහා Premium Plan ලබාගැනීමට සිදුවන ලකුණු

අප විසින් එදිනෙදා භාවිතා කරන YouTube ජාලය තුළ සැරිසරන්නන් හට යම් ගැටලුකාරී වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතී. එනම් තම මාධ්‍ය තුළ 2160p නැතිනම් 4K විඩියෝ නැරඹීම සඳහා පරිශීලකයින් විසින් YouTube හි Premium Plan එකක් මිලදී ගැනීමට සිදුවන බවයි.

මෙය YouTube භාවිතා කරන සියල්ලන්ටම මෙතෙක් අදාල නොවූවත් ඇතැම් පරිශීලකයින් සඳහා එලෙස මිලදී ගැනීමකින් තොරව 4K වීඩියෝ නැරඹීමට නොහැකි බව සඳහන් කරමින් පණිවුඩ ලැබී ඇත. මෙය මහත් සේ ආන්දෝලනයට මෙන්ම තරමක අප්‍රසාදයට ද හේතු වන කාරණාවක් බවට පත් වීමත් සමග බොහෝ පරිශීලකයන් මෙ පිළිබඳව බොහෝ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කර ඇත.

YouTube හි පැවති Premium Plan පහසුකම ඔස්සේ එම මාධ්‍ය භාවිතා කරන්නන් හට ads රහිතව වීඩියෝ නැරඹීමේ හැකියාව, Video සහ Audio download කිරීමට ඇති හැකියාව සහ ඒවා පසුබිමෙහි (Background) Play කිරීමට ඇති හැකියාව වැනි අමතර විශේෂාංග රාශියක් ලබාගත හැකිවිය. කෙසේ වෙතත් මෙම වෙනස්කම සමග මේ අතරට 4K වීඩියෝ නැරඹීමද ඉදිරියේ දී සම්පූර්ණයෙ සිදුවිය හැකි බව අප හට අනුමාන කළ හැකිය.

කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙල සියලුම YouTube පරිශීලකයන් වෙත මෙතෙක් බලනොපෑවද මෙලෙස පරිශීලකයන්ගෙන් යම් මුදලක් අය කිරීම සම්බන්ධව බොහෝ දෙනා මහත් කනස්සල්ලට පත්ව ඇති බව සමාජ මාධ්‍ය දෙස අවධානය යොමු කරන විට වැටහෙන බව විචාරකයන් සඳහන් කරයි. එනම් Premium Plan ලබාගැනීම සඳහා ආසන්න වශයෙන් ඩොලර් 11.99 ($ 11.99) ක මුදලක් වැයවේ.

මෙලෙස ආන්දෝලනයකට තුඩු දුන් මාතෘකාවට YouTube ආයතනය විසින් නිල වශයෙන් කිසිඳු හේතුවක් සඳහ්න් නොකළ පසුබිමක මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ Premium Plan සම්බන්ධව අදහස් පළ කිරීමට ප්‍රතිචාරයක් වශයෙන් දක්වා ඇත්තේ මෙය යම් ආකාරයක පරිශීලකයන් අතර සිදුකළ අත්හදාබැලීමේ ක්‍රියාවලියක් බවයි. එලෙස සඳහන් කළ සටහන පහත දැක්වේ.

Hi! it looks like your part of our experiment to know better the feature preferences Premium & non-Premium viewers. if you have more thoughts in mind, you can share it here so we can make improvements: https://t.co/P97P6LUQmf
— TeamYouTube (@TeamYouTube) October 2, 2022
Sources: TechCrunch Top Tek News Beebom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara