YouTube හරහා Online Gaming වෙත පිවිසීමට Google සමාගමේ සූදානමක්

Google Stadia සේවාව නවතා දැමීමෙන් පසු, Google සමාගම නැවතත් Gaming වෙත පිවිසීමට සූදානම්වන බවක් පෙනී යනවා. කෙසේ වෙතත් මෙවර එය YouTube හරහා සිදු විය හැකි බව නවතම Leaks මඟින් පෙනී යන අතර මෙය ඉතා ඉක්මනින් සිදු විය හැකි බවත් වාර්තා වනවා.

Wall Street Journal වෙබ් අඩවියේ වාර්තාවකට අනුව, මේ තුළින් YouTube App එකේ හෝ Website එකේ සිටම පරිශීලකයන්ට Games Play කිරීමේ හැකියාව ඇති බව සඳහන් වනවා. "Playables" ලෙස නම් කරන ලද නව සේවාව Google සමාගමේ සේවකයින් කිහිප දෙනෙකුට ඔවුන්ගේ අදහස් එකතු කර ගැනීම සඳහා මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙයද Netfilx තුළම ඔවුන්ගේ Netfilx Shows වලට අදාළ කුඩා Games Play කිරීමේ හැකියාවට බොහෝ සෙයින් සමානවනවා. මන්දයත් මේ Playables සඳහා වෙනත් යෙදුමක් ස්ථාපනය කර ගැනීම අවශ්‍ය නොවන නිසාවෙනි.

Source: Google

කෙසේ නමුත් මෙය Google Stadia මෙන් Consoles මඟින් ක්‍රීඩා කළ හැකි Highend Games ලබා නොදෙන අතර මෙහි ඕනෑම වේලාවක ක්‍රීඩා කර හැකි කුඩා Games අන්තර්ගත වනවා. එම නිසා මෙය නම් Google Stadia මෙන් පරිශීලකයන් අතර ජනප්‍රිය නොවේ යැයි බලාපොරොත්තු විය නොහැකි වනවා.

මේ පිළිබඳව සවිස්තරාත්මකව දැන ගැනීම සඳහා මේ Leaks වල තොරතුරු ප්‍රමාණවත් නොවන අතර කාලයත් සමඟ මෙය තවදුරටත් සංවර්ධනය ඉතා හොඳ Output එකක් Google සමාගම විසින් ලබා දේ යැයි අපට බලාපොරොත්තු විය හැකිය.

Source: beebom.comCover Image Source: Newsweek

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna