YouTube​හි 4K Video නැරඹීම​ට Premium Plan එක මිලදී ගැනීමේ පියවර අත්හිටුවීමට කටයුතු කර​යි

YouTube​හි 4K Video නැරඹීම​ට Premium Plan එක මිලදී ගැනීමේ පියවර අත්හිටුවීමට කටයුතු කර​යි

පසුගිය දිනෙක ලොව ප්‍රමුඛතම සහ ප්‍රධානම සමාජ මාධ්‍යයක් වන YouTube හි 4K Videos නැරඹීම සඳහා පරිශීලකයන් වෙත Premium Plans ලබාගත යුතු බවට පැතිර තිබූ පුවත හේතුවෙන් බොහෝ පරිශීලකයන් නොසන්සුන්තාවයට පත් විය. එයට හේතුව නම් ඇතැම් පරිශීලකයන් සඳහා එලෙස 4K Videos නැරඹීමට නම් YouTube හි Premium Plan මිලදී ගත යුතු බවට දැනුම් දී තිබීම හේතුවෙනි. ඒ පිළිබඳව Android වැඩකාරයෝ අප සමග සම්බන්ධ වී සිටින ඔබ දැනුවත් කරමින් ලිපියක් ද පළ කළ බවට ඔබට මතක ඇත.

කෙසේ නමුත් YouTube හි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙය හුදෙක් පරීක්ෂණාත්මක ක්‍රියාවලියක් බවත් ඔවුන් මෙම ක්‍රියාවලිය ස්ථිරවම ක්‍රියාත්මක කිරීමට ඒ වන විට අදහස් කර නොමැති බවත් ය. නමුත් මෙලෙස පැවති Premium Plan ලබාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අවසන් තීරණයක් ලබාදෙමින් YouTube සඳහන් කළේ එම පරීක්ෂණාත්මක ක්‍රියාවලීන් තම ආයතනය විසින් නවත්වා දැමූ බවයි.

මෙම ක්‍රියාවලිය නැවැත්වීම සිදුකරන්නේ කුමන හේතුවක් මත පදනම්ව ද යන්න YouTube ආයතනය විසින් සඳහනක් සිදුකර නොමැත. එසේම ඉදිරියට YouTube හි පවතින 4K Videos සෑම පරිශීලකයෙක් සඳහාම නොමිලේ නැරඹීමට අවස්ථාව සපයන බවත් පෙර සිදුකළ ක්‍රියාවලීන් තවදුරටත් වලංගු නොවන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කරයි.

4K Videos නැරඹීම සඳහා Premium Plans ලබාගැනීම පිළිබඳව සිදුකළ ක්‍රියාවලිය අත්හිටවූ බවට සඳහන් කරමින් YouTube ආයතනය පල කළ Twitter සටහන 
Sources: www.androidpolice.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna