iOS සහ Android සඳහා වන Youtube app එකේ player එ​කේ User Interface එක Update කිරීමට කටයුතු කරයි

iOS සහ Android සඳහා වන Youtube app එකේ player එ​කේ User Interface එක Update කිරීමට කටයුතු කරයි

පසුගියදා YouTube විසින් ඔවුන්ගේ Full Screen Video Player එක මත Update කිරීමක් සිදුකරන ලදී. ඔවුන් විසින් මීට පෙර පැවති Full Screen මොඩ් එක තුලට නව buttons කිහිපයක් මෙලෙස අප්ඩේට් එක මගින් එක් කර තිබේ. මෙය Android හා iOS සදහා සිදුවී ඇති අප්ඩේට් එකක් වන අතර මෙය Server මගින් අප්ඩේට් වී තිබේ. මෙහිදී Full screen Mode එකේ තිබියදීම Like, Dislike, Share ආදී දේ සිදු කිරීමට පහසුකම් ලැබී තිබේ.

මේ සදහා ඔවුන් විසින් Full screen Mode එකේ වම් පස යට කෙලවරින් Buttons පේලියක් එකතු කර තිබෙන අතර පිලිවලින් Like, Dislike, Comment, Save to Playlist හා Share Buttons මෙලෙස එක්වී වේ. එසේම දකුනු පස කෙලෙවරින් Recommended Video වෙනම ලිස්ට් එකක් ලෙස ඉදිරිපත් කර තිබේ.

පෙර පැවති ආකාරයටම Dislike count එකක් මෙහිදීද නොපෙන්වන අතර Dislike Button එක පමණක් ලබාදී තිබේ. මෙම අප්ඩේට් එක මගින් නරඹන අතරතුර ඔබට යම් වීඩියෝ එකකට ලයික් කිරීමට හෝ කමෙන්ට් කිරීමට අවශ්‍ය නම් Full screen Mode එකෙන් ඉවත් නොවීම අදාල කාර්ය සිදු කිරීමේ අවස්තාව උදා වී තිබේ.

Source: GSMArena.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna