YouTube සඳහා Anti-AdBlocker System එකක් හඳුන්වා දීමට සුදානම් වේ

YouTube කියන්නේ, Content Creatorsට සහ Video බලන හැමෝටම Free Platform එකක් ලෙස දක්වන්න පුලුවන්. ඉතින් මේ Free Platform එක ඔස්සේ YouTube සමාගමට සහ Content Creatorsට Revenue එක එන්නේ Ads වලින් බව ඔබ දැනටමත් දන්නවා ඇති.

YouTube සඳහා Anti-AdBlocker System එකක් හඳුන්වා දීමට සුදානම් වේ

YouTube කියන්නේ, Content Creatorsට සහ Video බලන හැමෝටම Free Platform එකක් ලෙස දක්වන්න පුලුවන්. ඉතින් මේ Free Platform එක ඔස්සේ YouTube සමාගමට සහ Content Creatorsට Revenue එක එන්නේ Ads වලින් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ වගේම මේ Ads Block කිරිම සඳහා ඔබ දැනටමත් විවිධ AdBlockers භාවිත කරන බවත් නිසකයි. මෙලෙස වර්තමානය වන විට බොහෝ දෙනා Web Browsers තුල AdBlocker Extension භාවිතා කරන නිසා YouTube සමාගමට Ads Display කිරීමේ හැකියාව අහිමි වී තිබෙනවා. ඒ වගේම මෙය Content Creatorsලාට ලැබෙන Revenue එක අඩු වෙන්නත් ලොකු බලපෑමක් වෙනවා.

මේ හේතූන් නිසා YouTube සමාගම විසින් YouTube සඳහා Anti - AdBlocker system එකක් හඳුන්වා දෙන්න සුදානමින් මේ දිනවල මේ Anti - AdBlocker System එක Test කරමින් සිටින බව අන්තර්ජාලය තුළින් වාර්තා වනවා. ඒ අනුව මේ සමඟ ඔබ Youtube සඳහා AdBlocker එකක් භාවිත කරනවා නම් ඔබට මේ Anti - AdBlocker System එක නිසා ඔබේ AdBlocker එක Disable කරන්න හෝ Ads නොමැති Youtube Premium Plan එකකට හෝ මාරැ වීමට සිදු වනවා.

Credit: U/Sazk100

තවමත් මෙය පරික්ෂණ මට්ටමේ තිබෙන අතර ඉතා ඉක්මනින්ම මෙය නිල වශයෙන්ම Youtube සඳහා හඳුන්වා දෙනු ඇතැයි කියාත් බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඉතින් මේ හරහා YouTube Platform එකට AdBlockers හරහා අහිමි වී යන යන Ad Revenue එක නැවත ලබා ගැනීමේ හැකියාව මෙන්ම Youtube Premium Plan එක සඳහා වැඩි Youtube පරිශීලකයන් සංඛ්‍යාවක් පොළඹවා ගන්නත් Youtube සමාගමට හැකි වනු ඇත.

Sources: Malwarebytes Thedesk

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna