ඇමරිකානු තාවකාලික වෙලඳ බලපත්‍රය කල් ඉකුත් වීමෙන් Huawei ජංගම දුරකථන සඳහා ඉදිරියේදී Android updates නොලැබීමේ අවධානමක්

ඇමරිකානු තාවකාලික වෙලඳ බලපත්‍රය කල් ඉකුත් වීමෙන් Huawei ජංගම දුරකථන සඳහා ඉදිරියේදී Android updates නොලැබීමේ අවධානමක්

වසරකට පෙර ඇමරකානු රජය විසින් තම රටේ වෙළඳ සමාගම් වලට චීනයේ අති දැවැන්ත සමාගමක් වන Huawei සමාගම සමඟ ගණුදෙනු කිරීමේ වෙළඳ තහනමක් පැනවූ බව අප කවුරුත් හොඳින් දන්නා කරුණකි. නමුත් එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව විසින් Huawei සමාගමට තම වෙලඳ සහකරුවන් සහ පාරිභෝගිකයන් සමඟ කටයුතු කිරීම පහසු කිරීමට සහ Huawei සමාගම විසින් නිෂ්පාදිත උපාංග වලින් වෙනත් ඒවාට මාරු වීමට සහනකාලයක් ලබා දෙමින් දින 90ක තාවකාලික වෙලඳ බලපත්‍රයක් නිකුත් කරන ලදී.

The Washington Postහි වාර්තාවකට අනුව Huawei සමාගම වෙත නිකුත් කල අවසාන බලපත්‍රය පසුගිය අගෝස්තු 13 වෙනිදායින් කල් ඉකුත් වී ඇති අතර මේ වන තුරුත් නව බලපත්‍රයක් එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර නැත. එම බලපත්‍රය නොමැති වීම හේතුවෙන් Huawei සමාගමට ඇමරිකානු සමාගම් සමඟ වෙළද කටයුතු කිරීමේ අවස්ථාව මගහැරෙන අතර මෙමඟින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු අවදානමකට ලක්වී ඇත.

මෙහි විශාලම බලපෑම වන්නේ Huawei සමාගම සහ Google සමාගම අතර ඇති ගණුදෙනුවලටයි. මෙම බලපත්‍රය අහෝසි වීමත් සමඟ කිසිඳු ඇමරිකානු සමාගමකට hardware හෝ software වේවා Huawei සමාගම සමඟ ගනුදෙනු කිරීම නීතිවිරෝධී වන අතර එම හේතුව නිසා ඉදිරියේදී Google සමාගමට තම ස්මාර්ට් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය වන Androidහි updates සහ security patch updates ලබාදීමේ හැකියාව අහෝසි වී ඇත.

කෙසේ වුවත් Google සමාගම මෙය සම්බන්ධයෙන් The Washington Post වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, Huawei සමාගමට ඔවුන් විසින් නිෂ්පාදිත ජංගම දුරකථන සඳහා ඉදිරියේදී updates ලබා දීමට අවශ්‍ය නම් Android Open Source Project මත යැපීමට සිදුවන බවයි.

Huawei සමාගම මේ වන විට තමන් විසින් නිපදවන Kirin වර්ගයේ chip නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වල හිඟයකින් පෙලෙන අතරතුරේ මෙවැනි ආකාරයේ සිදුවීමකින් Huawei සමාගම තවත් අපහසුතාවයට ලක්වන අතර, ඔබ දැනටමත් Huawei හෝ Honor වර්ගයේ ජංගම දුරකථනයක් හිමි අයෙක් නම් ඔබට Android 11 update එක නොලැබීමේ අවදානමක් ඇත.  

Huawei සමාගම විසින් මේ වන විටත් තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් වන HarmonyOS නිපදවීමේ නිරතව සිටින අතර එය මේ වන විට Smart TV සඳහා පමණක් සීමා වී ඇත. ඉදිරියේදී එයට Huawei Mobile Services ඇතුලත් කිරීමෙන් පසු ජංගම දුරකථන සඳහාද භාවිතා කිරීමට හැකිවන අතර මේ වන විට ඔවුන් විසින් එම කාර්‍යයේ යෙදෙමින් පවතී. මෙලෙසින් නිමවන HarmonyOS එක Android සහ iOS වෙත විකපයක් ලෙස ඉදිරිපත් වන අතර මේ වන විට වාර්තාවන අන්දමට HarmonyOS එක කාර්‍යසාධනය එහෙමත් නැත්තම් performance වලින් Android වලට වඩා ඉදිරියෙන් සිටී.

Source: The Washington Post

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara