Invitations නොමැති වුවද Clubhouse සමඟින් එකතු වීමේ හැකියාව ලබා දීමට එහි නිර්මාපකයන් විසින් කටයුතු කරයි

Invitations නොමැති වුවද Clubhouse සමඟින් එකතු වීමේ හැකියාව ලබා දීමට එහි නිර්මාපකයන් විසින් කටයුතු කරයි

Clubhouse කියන්නේ ලෝකයේ සමාජ ජාලා වල විශාල පෙරලියක් කල නවතම සමාජ ජාලයක් ලෙස හඳුන්වනට පුලුවන්. එම පෙරලියේ තරම කොපමණද යත්, අනෙකුත් සියළුම ප්‍රධාන පෙලේ සමාජ ජාල වෙබ් අඩවි සහ සේවාවන් විසින් Clubhouse විසින් හඳුන්වා දුන් නවතම මොඩලයේ පහසුකම තම සමාජ ජාලා වලටත් එකතු කිරීමට කටයුතු සිදු කරා.

ඒ අනුව Facebook සමාගම විසින් Live Audio Rooms සහ Twitter විසින් Twitter Spaces යන පහසුකම් හඳුන්වා දීම සිදු කරනු ලැබුවේ තම සමාජ ජාලා වලින් Clubhouse වෙත පරිශීලකයන් විශාල ලෙස ඇදී යාම වළක්වාලීමේ අදිටනිනි. මීට අමතරව Spotify, Discord, Slack වැනි සේවාවන්ද මේ හා සමාන පහසුකම් හඳුන්වාදීම සිදු කරා.

මෙම නවතම සමාජ ජාලයට එක්වීමට නම් ඕනෑම අයෙකුට එහි ලියාපදිංචිව සිටි අයෙකුගෙන් invitation එකක්, එහෙමත් නැති නම් ඇරයුමක් ලබා ගැනීම සිදු කල යුතුව තිබුණා. මෙම හේතුව නිසාම Clubhouse සේවාව වෙත විශාල පිරිසකට එකතු වීමේදී අපහසුතා ඇති වුවත් එලෙස invitations හරහා එකතු වීමේ පියවර හේතුවෙන් Clubhouse වෙත ව්‍යාජ ගිණුම් එකතු වීමේ හැකියාව පැවතුනේද ඉතාමත් අඩු මට්ටමකයි.

Clubhouse සේවාවට ඕනෑම අයෙකුට එකතු විය හැකි බව ප්‍රකාශ කරමින් ඔවුන් විසින් Twitterහි තැබූ සටහන

iOS Usersලා අතර අතිශය ජනප්‍රිය වු මේ Social Media Platform එක මේ වෙන විට Android Usersලා වෙත ද හදුන්වා දි ඇති අතර ඒ සමඟම මෙහි වර්ධනය ඉතාමත් සීග්‍රයෙන් වැඩි වීම සිදු උනා. නමුත් බොහොමයක් දෙනෙකුට ඉහත කී පරිදි Clubhouse සේවාව අත්විඳීමේ හැකියාව අහිමිව ගියේ ඒ සඳහා සම්බන්ධ වීමට තිබුණු invitations only බාධාව නිසාවෙනි.

නමුත් මෙම බාධාව ඉවත් කරමින් Clubhouse වෙත ඕනෑම අවස්ථාවක ඕනෑම අයෙකුට එකතු වීමේ හැකියාව ලබා දීමට Clubhouse නිර්මාණය කල ආයතනය විසින් කටයුතු කර තිබෙනවා. ඉතින් Clubhouse වෙත සම්බන්ධ වීමට නොහැකිව සිටි යම් Android වැඩකාරයෝ පාඨකයෙක් වේ නම් අදම Clubhouse හා එකතු වන්න. ඔබට Clubhouse app එක Google Play Store හෝ Apple App Store මඟින් ලබා ගත හැකිය.

මේ වන තුරුත් Clubhouse සේවාවට පරිගණකයක වෙබ් බ්‍රවුසරය මඟින් පිවිසීමේ හැකියාව ලබා දී නැත.

Source: Twitter

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna