දුරකතන අංකයක් නොමැතිව Telegram සඳහා ලියාපදිංචි වීමට හැකි විශේෂාංගයක් හදුන්වා ​දේ

දුරකතන අංකයක් නොමැතිව Telegram සඳහා ලියාපදිංචි වීමට හැකි විශේෂාංගයක් හදුන්වා ​දේ

Multi Accounts, Channels සහ තවත් බොහෝ විශේෂාංග WhatsApp වලට පෙර හඳුන්වා ​දී තිබූ නිසා Telegram කීර්තියක් ලබා ඇත. මීට දින කිහිපයකට පෙර, සමාගම විසින් Privacy පිළිබඳ නවතම Update එකක් පිළිබඳව නිවේදනය කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ඔබට සිම් කාඩ්පතක් නොමැතිව Telegram account එකක් සඳහා ලියාපදිංචි වීමට හැකි බවත් ඒ සඳහා ඔබට නිර්නාමික දුරකථන අංකයක් ලබා ගත යුතු බවත් ය.

මෙසේ ලබාගන්නා නිර්නාමික අංකය Telegram තුළදී පමණක් භාවිතා කිරීමට හැකි වීම විශේෂත්වයක්. කුමන හේතුවක් නිසා හෝ (ex: - Privacy) ඔබේ පවතින අංකය Telegram වෙත සම්බන්ධ කිරීමට ඔබට අවශ්‍ය නැතිනම් මෙය තවමත් ඉතා හොඳ විශේෂාංගයක් වනවා.

මෙම Update එකෙහි ම කොටසක් ලෙස සියලුම අලුත් Chats සඳහා auto delete feature එක, වැඩිදියුණු කළ Group Topics, Group Chats සඳහා aggressive anti-spam mode එක සහ Username හෝ Phone No. එක නොමැතිව වෙනත් අයට add කරගැනීමට හැකිවන පරිදි තාවකාලිකව QR code එකක් සාදාගැනීමට හැකි වීමද දැක්විය හැකි වනවා.

Telegram iOS App එකෙහි Emoji Search කිරීම, Premium users ලා සඳහා Custom Emojis වැනි විවිධ Emoji සම්බන්ධ යාවත්කාලීන කිරීම් ද මෙහි ඇතුළත් වනවා.

Source: telegram.org androidauthority.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna