WhatsApp පණිවිඩ වලට ඕනෑම emoji එකකින් react කිරීමේ විශේෂාංගය​ක්

WhatsApp පණිවිඩ වලට ඕනෑම emoji එකකින් react කිරීමේ විශේෂාංගය​ක්

Meta සමාගම සතු Messenger හා සසඳන විට, WhatsApp සදහා Emoji Reaction හඳුන්වා දීමට ඉතා දිගු කාලයක් ගත වූ අතර, එය අවසානයේ ලොව පුරා සිටින පරිශීලකයන් වෙත නිකුත් කරන ලදී. කෙසේ වෙතත්, තවමත් පවතින ගැටලුව නම් ඔබට WhatsApp විසින් Default ලෙස යොදා ඇති Emojis 06 පමණක් මේ සඳහා භාවිත කළ හැකි වීමයි.

මේ Reactions සඳහා තමන්ට කැමති Reactions එකක් භාවිතා කිරීම බොහෝ පරිශීලකයන්ට නිසැකව ම අවශ්‍ය විශේෂාංගයක් වෙනවා. මේ හේතුව නිසා ඔබට අවශ්‍ය ඕනෑම Emojis සමඟ Reaction දැක්වීමේ හැකියාව WhatsApp විසින් ලබා දෙන බව ඔවුන් Tweet එකක් මඟින් නිල වශයෙන් නිවේදනය කළා.

ඔබට React කිරීමට අවශ්‍ය Message එක Long press කළ විට ලැබෙන Defualt emoji සහිත Row එකේ අග ඇති '+' Mark එක Click කිරීමෙන් ඔබට අවශ්‍ය Emoji එක තෝරාගැනීමට හැකියි.

මෙය පැහැදිලිවම නව විශේෂාංගයට ඉතා කුඩා එකතු කිරීමක්. නමුත් මෙය බොහෝ දෙනෙක් මෙය අපේක්ෂා කළ දෙයක්. කෙසේ වෙතත් සියලුම Android සහ iOS පරිශීලකයන් වෙත මෙය ලැබීමට දින කිහිපයක් ගතවනු ඇත.

Sources: GSM Arena WhatsApp on Twitter

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara