පණිවිඩ 03ක් දක්වා Pin කිරීමේ හැකියාව WhatsApp වෙ​ත ලබා දේ

පණිවිඩ 03ක් දක්වා Pin කිරීමේ හැකියාව WhatsApp වෙ​ත ලබා දේ

පසුගිය වසරේදී Individual Chats සහ Group Chatsවල Message Pin කිරීමේ පහසුකම WhatsApp සඳහා ලබා දෙනු ලැබුවා. එහිදි එක Message එකක් පමණක් මෙලෙස Pin කර තැබිය හැකි වුවා.

එම විශේෂාංගයේම තවත් වැඩි දියුණු කිරීමක් ලෙස මේ වන විට WhatsApp හි Individual Chats සහ Group Chatsවල Message තුනක් දක්වා Pin කර තැබිමේ පහසුකම ලබා දී ඇති බව WhatsApp සඳහා වන නිල X ගිණුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ වගේම මෙලෙස Pin කරන Message පැය 24ක්, දින 07ක් සහ දින 30ක් වශයෙන් Pin කර තැබීමටත් හැකියාව ලබා දී තිබෙනවා. එම කාලය ඉකුත් වු පසු ස්වයංක්‍රීයවම එම Message එක Unpin වනු ලබනවා.

ඒ වගේම Group Chatsවලදී Adminට Group Membersලාට ද Message Pin කිරීමේ හැකියාව ලබා දිය හැකි වනවා. එලෙස Group Chatsවලදී Message එකක් Pin කළ විට ඒ බව Group Membersලාට එම Group Chat එක තුළම දැනුම් දෙනු ලබනවා.

Source: www.gsmarena.com WhatsApp on X

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna